අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය

(Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් නිර්දේශ කළේය.

එසේම ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙනන්ද වහාම සොයා බලන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

කමිටුව දුන් නියෝග ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන ක්‍රියාත්මක කළ ආකාරය සහ එම ආයතන වල කාර්ය සාධනය විමසීම සඳහා ඒවායේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට පෙරේදා කැඳවනු ලැබ සිටියහ. මේ නිර්දේශ ලබා දී ඇත්තේ ඒ රැස්වීමේදීය.

ගෑස් මිලදී ගැනීම සදහා තිබූ වාර ටෙන්ඩරය පසුගිය පෙබරවාරි මාසය වන විට අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැදවන ලද බවත් ඒ අනුව ගෑස්සැපයුම්කරුවන් තිදෙනකු ලංසු ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී තොරතුරු අනාවරණයවිය. මෙහිදී සියාම් ගෑස් සමාගම ඇ.ඩො 96 බැවින් අවම මිල ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.


''හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ කතාවක්'' - මරික්කාර්

ගෑස් මෙරටට ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇතැයි කෝප් කමිටුව තුල දී දිගින් දිගටම කරුණු දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසන්නේ, මෙය හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ කතාවක් බවයි.

ඔහු එබව කියා සිටියේ මාධ්‍ය ඔස්සේ අද කරුණු පැහැදිලි කරමිනි.

තවදුරටත් ඔහු මෙසේ සඳහන් කළේය.

''පහුගිය දවස් වල ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වැඩි මුදලට ආනයනය කිරිම පිළිබඳව විශේෂයෙන්ම අපි හෙළිදරව් කළා. ඊට පස්සේ කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මම චරිත හේරත් මැතිතුමාට ලිඛිත ඉල්ලීමක් කරලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඔවුන්ව කැඳවන්න කියලා, ඊයේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට කැඳෙව්වා.

ඇත්ත වශයෙන්ම ඒ කෝප් කමිටුවේ සාකච්ඡාව මටනම් තේරුණේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ කතාවක්. මොකද හේතුව, ලිට්‍රො සමාගම මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දාහක් ගෙන්නන්න ටෙන්ඩර් කැඳවලා තියෙද්දි, ඒ ටෙන්ඩර් එක අඩුම ලංසු ලාභියාට ප්‍රදානය කරන්න අවශ්‍ය ලියකියවිලි මුදල් අමාත්‍යාංශය ලිට්රෝ සමාගමට  ලබාදීලා, ඒ දළ කෙටුම්පත draft agreement එකක් හදලා තියෙද්දි , ලිට්රෝ සමාගම විසින් ටෙන්ඩර් පතේ දාපු කොන්දේසි ලිට්රෝ සමාගම ට සපුරාගන්න නොහැකිවීම නිසා ඒ ටෙන්ඩරය අහෝසි කරලා දැන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්නන්න යනවා.

එතකොට අඩුම ලංසු ලාභියාගේ තිබුණේ CP +US$96 . දැන් දීල තියන එක දීල තියෙන්නෙ CP +US$129 . ඒ කියන්නේ ඩොලර් මිලියන 3.3 ක්, එහෙම නැත්නම් රුපියල් මිලියන 1200 කට අධික මුදලක් වැඩිපුර වියදම් කරනවා. ඒකයි අපි කලින්ම කිව්වේ මහබැංකු බැඳුම්කර මංකොල්ලය හා සමානයි කියලා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියපාර අගමැති වෙච්ච ගමන් මහබැංකු බැඳුම්කර මංකොල්ලය වුණා. මේ පාර ආපු ගමන් එතුමාම දාපු මේ කැබිනට් පත්‍රිකාවේ රුපියල් මිලියන 1200 ක ට වඩා වැඩිපුර ප්‍රමාණයක් වියදම් කරනවා. එතකොට ලිට්රෝ සමාගම මෙට්‍රික් ටොන් 15000 ට ටෙන්ඩර් කැඳවද්දී අඩුම ලංසුලාභියාට නොදී, ඊට ඉහළින් ලංසු ලාභියා කියනවා පහලොස් දාහක් දෙන්න බෑ අපි දෙන්නෙ ලක්ෂයයි , ඔයගොල්ලෝ ලක්ෂය ම ගන්නවනං මෙන්න අපේ ගාන , මේ ගානට ගන්න ඕන කියලා.

එතකොට මෙන්න ඒ ගානටම දෙන්න කියලා ඉවරවෙලා කැබිනට් පත්‍රිකාවක් දානවා මේ අග්‍රාමාත්‍යවරයා.



එතකොට, කෝප් කමිටුවේ පරීක්ෂණ වලදී අපිට තේරිච්ච දේ තමයි, අපිට ආපු නිගමනය තමයි, ලිට්රෝ සමාගම විසින්, අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා හැටියට තමයි මේ ටෙන්ඩර් පත්‍රිකාව දාන්නෙ, ඔහුව නොමඟ යවලා තියෙනවා. ඒ වගේම අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලය නොමඟ යවලා තියෙනවා.



එතකොට අර්බුදය කළමනාකරණය කරන මුවාවෙන්, වංචාවක් සිද්ද වෙන්න ඉඩ දීම හෝ හෝ නාස්තියක් සිද්ද වෙන්න ඉඩ දීම මම හිතන්නේ කිසිදු දේශපාලනඥයකුට හෝ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට මේ මොහොතේ දී කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි, දැන් අඩුම ලංසු ලාභියාගෙ අඩු ගානට ගියමාසේ ජූනි මාසෙට 6600 ක් ඕන වෙලාවක දෙන්න පුළුවන් කියලා කියලා තියෙද්දි, ලිට්රෝ සමාගමේ පාලනාධිකාරිය එක ගෑස් සිලින්ඩරයක් වත් ගිය මාසේ ජුනි මාසයට ලංකාවට ගෙන්නුවේ නෑ. අඩුම ගානට මෙට්‍රික් ටොන් 6600ක් ගිය මාසේ ලංකාවට ගෙන්නන්න පුළුවන්කම තියෙද්දිත් පාලනාධිකාරිය ඒක කළේ නෑ.

ඒ වෙනුවට කුරුමානම් අල්ලලා නිර්මාණශීලී නාස්තියක් හෝ වංචාවක් තමයි කරල තියෙන්නෙ. නිර්මාණශීලී විදිහට. අවසානයේදී වගකීම කැබිනට් මණ්ඩලයට පැවරෙන විදිහට සහ ඔවුන් මේකෙ බලාපොරොත්තු වෙනවා අපි මේ පරීක්ෂණ කරන එක හරහා මේ ගෑස් ගෙන්නන එක නවත්තලා ජනතාවට පෝලිමේ ඉන්න දෙන්න හදනවා කියන එක.


'' ගෑස් ගේන එක නවත්වන්න කෝප් කමිටුව නිර්දේශ කළේ නෑ. මොකද හේතුව මේ වෙලාවේ ජනතාවට ගෑස් අත්‍යවශ්‍ය නිසා.''

ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි, දැන් මේ ගේනවා කියන ලක්ෂය, එතකොට දැනට මේකෙන් අත්තිකාරම් විදිහට ඩොලර් මිලියන 10ක් ගෙවලා තියෙනවා. ඒ වගේම සමස්ත පිරිවැයෙන් 25 %ක් ගෙවලා තියෙනවා. දැන් මේ මාසේ මෙට්‍රික් ටොන් 33,000ක් ගේනවා කියලා කියලා තියෙනවා. මේ එකක්වත් නවත්වන්න කෝප් කමිටුව නිර්දේශ කළේ නෑ. මොකද හේතුව මේ වෙලාවේ ජනතාවට ගෑස් අත්‍යවශ්‍ය නිසා.

හැබැයි ඒ අනුව අපි විගණකාධිපතිවරයාට යොමු කළා මේ නාස්තිවෙන වංචා වෙන මුදල් පිළිබඳව හොයා ගන්න, ඒ අයට දඬුවම් දීම සඳහා නැවත පරීක්ෂණයක් කරන්න කියලා.  

මොකද මේක මාර සෙල්ලමක් නේ වෙන්නේ. දෙලක්ෂ අසූ දාහකට ටෙන්ඩර් කැඳවලා, ඉන්පස්සෙ අඩුම ලංසු ලාභියාට දෙන්න එකඟ වෙලා, ඊට පස්සේ ඩොලර් නෑ කියලා ඒක අයින් කරලා, මෙට්‍රික් ටොන් 15,000 ක ට spot buying වලට නැවත proposals  ඉල්ලලා,  ඒ 15000න්, 6600ක් අඩු මුදලට ලබා ගන්න පුළුවන්කම තියෙද්දි ලබා නොගෙන, ඊට පස්සේ නැවත අර දෙවන ලංසු ලාභියාගේ ඉහළ මිලට ඔහුගේ අභිමතය පරිදි සමාගමේ අභිමතය පරිදි, මම දෙන්නෙ මේ ගානට, ඒ ගානට හැබැයි ලක්ෂයක් දෙන්නෙ, ලක්ෂ ගන්නවනං තමයි දෙන්න කියලා කියද්දී, ලෝක බැංකුවෙන් ණය අරගෙන, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන හැත්තෑවක් ණය අරගෙන, ලංකා ආණ්ඩුව මුදල් ඩොලර් මිලියන 20 කුත් දාලා තමයි doller මිලියන ඩොලර් මිලියන 3.3 කුත්, නැත්තං රුපියල් මිලියන 1200 ක වංචාවක් හෝ නාස්තියක් මේ සිද්ධ කරන්න යන්නේ.


ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි දැන් ඊයේ සියලු ලියකියවිලි එළියට ආවා. කතා කරන භාෂාවෙන් කතා කරන විලාසයෙන් ගොඩක් දේවල් අපට තේරුම් ගන්න හැකියාව ලැබුණා. ඒ නිසා නිර්මාණශීලී ආකාරයට වත්, මේ වගේ අමාරු අවස්ථාවක ජනතාවගේ දුක කළමනාකරණය කරන්න ගිහිල්ලා ඒ ජනතාවගේ දුක දාඩිය මහන්සියෙන් ගෙවන බදු මුදල් හොරා කන්න ඉඩ දෙන්න බෑ කියන එක තමයි අපේ කෝප් කමිටුවේ නිර්දේශය වෙන්නේ.

ඒ නිසා පැහැදිලිවම රුපියල් මිලියන එක්දහස් දෙසිය නාස්තියට හෝ වංචාවට ලිට්‍රෝ සහ පාලනාධිකාරිය වගකියන්න ඕන.ඒ වගේම ලිට්ට්‍රෝ පාලනාධිකාරිය අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට ඔහුව නොමඟ යවලා ඒ හරහා මුදල් ඇමතිවරයා අගමැතිවරයා කැබිනට් පත්‍රිකාව දැමීම හරහා ඇත්ත වශයෙන්ම මගේ නම් අදහස කැබිනට් මණ්ඩලයත් නොමඟ යවලා තියෙන්නේ.

සමහර කට්ටිය අහනවා කෝ අල්ලන් නැද්ද ? දඬුවම් දෙන්න  කියලා. මේවා එහෙම අහු වෙන්න කරන ඒව නෙමෙයි. ඒකයි අපි කියන්නේ මේවා නිර්මාණශීලී විදිහට කරලා තියෙන්නෙ කියලා. අර ගියපාර මහබැංකු වගේ මෙදාපාර ගෑස් වංචාව. මේක නං අපි අතාරින්නෙ නෑ කියන එක පැහැදිලිවම කියන්න ඕන.



විගණකාධිපතිවරයා විසින් සුමාන දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නට නියමිතයි. විගණකාධිපතිවරයාගේ වාර්තාව ආපු ගමන් කෝප් කමිටුව හරහා මේකට කළ හැකි ඉහළම විමර්ශනය සහ අවශ්‍ය කටයුතු නීතිමය ආකාරයෙන් කරන්න පුලුවන් දේ කරනවා කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕන.



ඒ එක්කම මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා පියෝ ටීවී එකේ පාර්ලිමේන්තුවේ channel එකේ ඇති ඔය සම්පූර්ණ සාකච්ඡාව, මාධ්‍යවේදීන් බලන්න මේක. තමුන්නාන්සේලාගේ මාධ්‍ය ආයතන වල පළ කරන්න. වෙබ් සයිට් වලට යවන්න. මොකද දේශපාලනඥයෝ විතරක් නෙමෙයි හොරකම් කරන්නේ. ඇත්ත වශයෙන්ම මට අමතක උනා කියන්න හිටපු සභාපතිවරයා ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව මේ වගේ ගානකට මේක ගන්න බෑ ඒකට අත්සන් කරන්න බෑ කියලා තමයි ඔහු අයින් වෙලා තියෙන්නේ. ඔහු ඒක ඊයේ කිවුවා.

එතකොට අඩුම ලංසු ලාභියාට ලිට්රෝ සමාගම bit paper එකේ දුන්නු කොන්දේසි පුරව ගන්න බැරි උනහමත් ඔහු එවනවා negotiate  කරන්නත් ලෑස්ති කියලා.  එහෙම තියෙද්දී තමයි ටක් ගාලා අලුතෙන් සභාපති කෙනෙක් එනවා, මේ අත්සන් කරනවා, කැබිනට් පේපර් එක යනවා, වැඩේ කෙරෙනව. එතකොට පැහැදිලිවම මේ ඕමාන් OQ trading  කියන කම්පැනි එක  මේ කරන සෙල්ලම පිළිබඳව තව තොරතුරු හෙළිවෙමින් පවතිනවා. ඉදිරියේදී අපි ඒ පිළිබඳව දැනුම් දෙන්නම්.'

 
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්