අද දිනයේදී තමන් හා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර දුරකථන සංවාදයක් පැවැත්වූ බව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.

අතීතයේදී රුසියාව විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී සිය ස්තුතිය පළකළ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබිණ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා ණය ක්‍රමයක් ලබා දෙන ලෙසට තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය බවත්, මේ වන විට අත්හිටුවා ඇති ඒරෝෆ්ලෝට් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන ලෙස ද මෙහිදී රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ වන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කළ බව ජනාධිපතිවරයා පවසයි.

rt645


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්