'සර්වපාක්ෂික අරගලකරුවෝ' සංවිධානයේ මූලිකත්වයෙන් සංවිධානය කළ 'අරගලය දිනවන සම්මුතිය' මහ සමුළුව කොළඹ රාමඩා හෝටලයේදි ඊයේ
(06දා) පැවැත්විණි.
'පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්' වෙනුවෙන් පැවැති එම මහ සමුළුවට දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ ගාලුමුවදොර අරගලකරුවන් රැසක් එක්ව සිටියහ.
එළඹෙන 09 වැනි දින මූලික කරගනිමින් පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ, පොදු, සාමූහික සහ අඛණ්ඩ ක්‍රියාමාර්ගවලට එළඹීම සඳහා වන ඉල්ලීම් හතරක් ඇතුළත් පොදු සම්මුතියක් ඇති කරගැනීමද මෙහිදී සිදුවිය.
1. ජන පීඩක, පාලනයේ අසමත් ගෝඨාභය රාජපක්ෂ වහා තම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වය යුතුය.
2. ගෝඨාභය රාජපක්ෂ - රනිල් වික්‍රමසිංහ නියෝජනය වන දූෂිත ආණ්ඩුව වහා අහෝසි විය යුතුය.
3. මෙරට පාලනය සඳහා අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු අතර, රාජපක්ෂ පාලනය තුළ දූෂණ චෝදනා එල්ල වී ඇති කිසිදු මන්ත්‍රීවරයෙකු එසේ පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවට ඇතුළත් නොවිය යුතුය.
4. අදාළ අන්තර්කාලීන ආණ්ඩුව වසරක කාලයක් පමණක් පවතින අතර, එම කාලසීමාව තුළ පහත දැක්වෙන පුරවැසි ගැටලුවලට ඉතා කඩිනමින් පිළිතුරු සැපයීමට කටයුතු කළ යුතුය. මහජනතාවට ඍජුවම බලපාන ආහාර, කිරිපිටි, ඖෂධ, විදුලිය, ඉන්ධන, ගෑස්, ජලය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ක්ෂේත්‍රවල මිල මට්ටම් පහත හෙළිය යුතු අතර හිඟයකින් තොරව ඒවායේ සැපයීම තහවුරු කළ යුතුය.
රට තුළ වර්තමානය වනවිට අර්බුදයට ලක්ව ඇති අධ්‍යාපනය, සෞඛ්‍යය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය, වාණිජ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, සුළු පරිමාණ ව්‍යාපාර යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය හා රැකියා සුරක්ෂිතතාව තහවුරු කළ යුතුය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය හරහා සිදුකළ විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කළ සීමාව ඉක්මවා යන ලෙස වත්මන් විධායක ජනාධිපති ධුරය සතුව පවතින අසීමාන්තික බලතල වහා ඉවත් කළ යුතුය යන ඉල්ලීම් එම පොදු සම්මුතියට ඇතුළත් විය.
අදාළ සම්මුතිය සභාගත කළ අවස්ථාවේ එම අවස්ථාවට සහභාගි වූ සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, පුරවැසි සංවිධාන, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ අරගලකරුවන් යන සියලු පාර්ශ්ව ඊට ඒකමතිකව අනුමැතිය පළ කිරීම විශේෂත්වයක් විය.
ඒ අනුව පවතින අර්බුදය විසඳීම සඳහා එළඹෙන 09 වැනිදා සිට අරගලකරුවන් ගන්නා ක්‍රියාමාර්ගවලට සහයෝගය දැක්වීමටද දේශපාලන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් එහිදී එකඟ වූ අතර, එහි මූලික පියවරක් ලෙස 09 වැනිදා කොළඹ ඇතුළු රට වටා පැවැත්වෙන වීදියේ විරෝධතා සඳහා දේශපාලන පක්ෂ, පාට, කොඩිවලින් තොරව සිය පාක්ෂිකයන් සහභාගි කරවීමටද ඔවුහු එකඟතාව පළ කළහ.
මේ අවස්ථාවට විපක්ෂනායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන, 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ජාතික සමගි සන්ධානයේ නායක අසාද් සාලි, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.ඒ.එම්. අතාවුල්ලා, කඳුරට ජනතා පෙරමුණේ නායක පී. දිගම්බරම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර, තලතා අතුකෝරාල, බුද්ධික පතිරණ, මුජිබර් රහුමාන් යන මහජන නියෝජිතයින්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයන්, ගෝල්ෆේස් අරගල භූමිය නියෝජනය කරන පාර්ශ්ව රැසක් සහ සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ විධායක කමිටුව ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.
එම සමුළුවට එක් වූ 'සර්වපාක්‍ෂික අරගලකරුවෝ' සංවිධානයේ සභාපති මංජුල සමරසේකර මෙසේ අදහස් දැක්විය.
දූෂණයෙන් වංචාවෙන් තොරව රට ගොඩනැගීම සදහා වූ අරගලයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහාය ලබාදෙන බව එහිදී අදහස් දැක්වූ එම පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසිය.
එහිදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ සඳහන් කළේය.
මේ, එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
මේ අතර ගාලුමුවදොර අරගලකරුවන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. ඒ, බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදීය.
https://theleader.lk/news/12366-2022-07-07-07-38-52#sigProId9ebd6de3b6
https://theleader.lk/news/12366-2022-07-07-07-38-52#sigProId669f1d149d