ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ

වෙත පැමිණයහ.

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණ තිබුණි.

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

image b4f74ddaf1


විමල්ගේ සුභ ආරංචිය !


පෝලිම්වල පීඩා විඳින ජනතාවට කඩිනමින් සුබ පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා පැවසිය.

ඔහු එබව කියා සිටියේ, ස්වාධීන වූ පක්ෂ දහයේ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු පෙරේදා (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

''රුසියාව සමග සාකච්ඡා මොකද දැන් ?'' කියා මාධ්‍යවේදියකු විමසු අවස්ථාවේදී විමල් මෙසේ සඳහන් කළේය.

“අපි දැන් ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් මේ රටට සුබ ආරංචියක් දෙන්න. මම හිතන්නේ ඒක අපිට කරන්න පුළුවන්. නුදුරේ දීම පෝලිම් ගොඩ ගැහෙන ඒ පීඩිත ඉරණමෙන් මේ රට නිදහස් කරගන්න පුළුවන්.”


ජනපති සහ රුසියානු ජනපති අතර සාකච්ඡාව


මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඊයේ  (06) දුරකතන සාකච්ඡාවක් සිදුකර තිබේ.

එහිදී මෙරට ඉන්ධන ආනයනය සඳහා ණය ආධාරයක් ලබා දෙන ලෙස තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

මීට අමතරව මෙරට සමග එරෝෆ්ලොට් ගමන් යළි අරඹන ලෙස ද ජනාධිපතිවරයා රුසියානු ජනපතිගෙන් ඉල්ලා තිබේ.

rt645


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්