කැබිනට් සම්ප්‍රදායන් කඩකරමින් ත්‍රාඩ ජාවාරම්කාරයකු මෙන් හැසිරෙන කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ යුතු

බවට අග්‍රාමාත්‍යවරයා දැඩි ස්ථාවරයක සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අග්‍රාමාත්‍යවරයා සිය ස්ථාවරය මේවනවිටත් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි පැවසේ.

රටේ ආර්ථික අර්බුදය විසඳීමට නිසි සැලැස්මක් නැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ (ජුලි 06) ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය වශයෙන් රටේ ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බවත්, ඔහුට රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සැලසුමක් නොමැති බවත් චෝදනා කරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සඳහන් කළේ ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කරන බවයි.




ව්‍යාපාරික ධම්මික පෙරේරා අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළ එම ප්‍රකාශයට පොදුජන පෙරමුණෙ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වි ඇත.

ඊයේ පාර්ලිමේන්තු රැස්විම් දි පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත බණ්ඩාර හා මධුර විතානගේ එම ප්‍රකාශ ය පිළිබඳ සිය විරෝධය ප්‍රකාශ කර සිටියහ.


''අගමැති එලවන එක දේශපාලනඥයින්ට කරගන්න කියලා තමන් බාරගත්ත වගකීම ඉටු කරනවා නම් තමයි වඩා හොඳ'' යයි පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී , ජිටපු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ද ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් වහා ප්‍රතිචාර දක්වා තිබිණ.

sere3




සබැඳි පුවත් :

රනිල් පන්නන BR මෙහෙයුමට DP කරගහයි !

නාලකගෙන් DP ට කනේ පාරක්!

කැසිනෝ ගේමක් ද ? - රනිල් පන්නන මෙහෙයුම DP බාරගනී !


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්