ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක් රට හමුවට ඉදිරිපත් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
කර ඇති ප්‍රකාශය අගය කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර, සජිත් ප්‍රේමදාසගේ පමණක් නොව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 35 දෙනාගේම වෛද්‍ය වාර්තා එසේ ජනතාව හමුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටියි.
 
ජනපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් මහර කඩවත දී 15 දා පැවති ජන රැලියට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුයේ, ''වෛද්‍ය මතය අනුව සජිත් ප්‍රේමදාසට පිස්සු'' කියාය.
සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ වෛද්‍ය වාර්තාවක් ප්‍රසිද්ධ කරන්නයි ද ඔහු අභියෝග කර සිටියේය. 
 
cnews gammanpila 
 උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා පවසන්නේ, සජිත් ප්‍රේමදාසට පිස්සුවක් ඇත්නම් ඒ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් උදේ රෑ නොබලා වැඩ කිරීමේ පිස්සුව පමණක් බවයි.
 
එහිදී තවදුරටත් අදහස් දක්වන ඇමතිවරයා මෙසේද කියා සිටියි.
සජිත්ට තියන පිස්සුව ?
''පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක් ඉල්ලලා ප්‍රකාශයක් කරනවා මම දැක්කා. ඇත්තවශයෙන්ම  එක පැත්තකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට පිස්සුවක් තියෙනවානම් තියෙන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් උදේ රෑ නොබලා වැඩ කිරීමේ පිස්සුව විතරයි.
 
 උදය ගම්මන්පිල මෙම ඉල්ලීම කරන්නේ මඩ ගැසීමේ චේතනාවෙන් වුණත් ඇත්ත වශයෙන්ම ඒක ඉතාමත් කාලෝචිත යෝජනාවක්, වැදගත් යෝජනාවක්. 
 
මොකද ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගෙන් විශේෂයෙන්ම රටක් පාලනය කරන්න ඒ අයගේ සෞඛ්‍ය සම්පන්භාවය තියෙනවාද නැද්ද කියන එක, වෛද්‍ය සතිකය  ඒ රටේ ජනතාව  ඉල්ලා සිටිනවා. 
 
අන්න ඒ නිසා තමයි මම හිතන්නේ මේ වැදගත් යෝජනාව අපි  ක්‍රියාත්මක කරන්න ඕනේ.  විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම ජනාධිපති අපේක්ෂකවරු තමන්ගේ වෛද්‍ය සහතිකය ජනතාවගේ දැනගනීම සඳහා  ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් පියවරක්. 
 '' මම ගෝඨාබය මැතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා''
 මොකද විශේෂයෙන්ම ගෝඨාබය රාජපක්ෂ මැතිතුමා‌ මේ මැතිවරණයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයෙන්. එතුමා මිට මාසයකට ඉස්සෙල්ලා හෘද සැත්කමක්  කරපු කෙනෙක්.  අපි එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. 
 
නමුත් එතුමා මේ රටේ ජනාධිපති  වීමට තරම් සෞඛ්‍ය සම්පන්නභාවයක් තියෙනවාද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තියෙනවා. මොකද අපි දැක්කා පසුගියදා ගෝල්ෆේස් පිට්ටනියේදී ලංකා ඉතිහාසයේ පවත්වපු විශාලම ජන රැලිය සජිත් ප්‍රේමදාස මැතිතුමා සහභාගි වුණ වෙලාවේ. ඒ සෙනඟ දැකපු ගෝඨාබය  රාජපක්ෂ  මහත්මයා එදා රාත්‍රියේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යලි වතාවක් ගියා. 
 
මේ වගේ අභියෝග ඉදිරියේ ලංකාවෙත් නෙවෙයි, පිටරට වලට නිතර නිතර යන්න ගියොත් ඇත්තවශයෙන්ම  එතුමා ජනාධිපති වුණත් ජනාධිපතිවරයාගේ කාර්යභාරය  ඉටු කිරීමට හැකියාව ශක්තිය සහ සෞඛ්‍ය සම්පන්නභාවය තියෙනවාද කියන එක ප්‍රශ්නයක්.  test22
මොකද ජනාධිපතිවරයෙක් වුණාම හැමදාම බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. වැඩ වර්ජන වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. වෙනත් ජාත්‍යන්තර අභියෝගයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. නමුත් සෙනඟ ටිකක් දැක්කමත් ජනමාධ්‍යවේදීන්ගෙන් පැනල යන මේ ගෝඨාබය රාජපක්ෂට ඇත්තවශයෙන්ම මෙවැනි දේවල්වලට මුහුණ දීමට ශක්තිය, හැකියාව තියෙනවාද කියන එක රටේ ජනතාවට ප්‍රශ්නයක්. 
 ''එතුමාගේ වෛද්‍ය වාර්තාව මාධ්‍යයට නොදෙන්නැයි අධිකරණයටත් කියලා''
 මොකද එතුමා පිටරට යන්නට අවසර ඉල්ලනකොට උසාවියට කියලා තියෙනවා එතුමාගේ වෛද්‍ය වාර්තාව රහසිගතව තියාගන්න කියලා. නමුත් ප්‍රසිද්ධියේම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන එතුමාගේ සෞඛ්‍ය සම්පන්න භාවය ගැන දැනගැනීමේ අයිතිය රටේ ජනතාවට තියෙනවා. 
 
මොකද එක පැත්තකින් ගෝඨාබය රාජපක්ෂ කියන්නේ හැමදාම අභියෝග ඉදිරියේ පැනලා ගිය ගියපු කෙනෙක්. තරුණ වියේදීත් අභියෝගවලින් ප්‍රශ්නවලින් පැනලා ගියපු ගෝඨාබය රාජපක්ෂට අද අවුරුදු 70 වියේදී මේ ඉන්න සෞඛ්‍ය තත්වය ඒක්ක ඇත්තවශයෙන්ම ජනාධිපතිවරයෙක් වශයෙන් නෙවෙයි සාමාන්‍ය නිලධාරියෙක් වශයෙන්වත් කටයුතු  කරන්නට සුදුසු කමක්, පුලුවන්කමක්, සෞඛ්‍ය සම්පන්නභාවයක් තියෙනවාද කියන එක අපි ප්‍රශ්න කිරීම සාධාරණයි. 
 
අන්න ඒ නිසා මම ස්තූති වන්න වෙනවා ගම්මන්පිල මන්ත්‍රීවරයාට ඒ ඉදිරිපත්  කරපු යෝජනාව අනුව මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 35 දෙනාටම මම යෝජනා කරනවා තමන්ගේ වෛද්‍ය සහතිකය ප්‍රසිද්ද කරන්න ජනතාව දැනුවත් කරන්න කියලා.''
 වීඩියෝ 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්