සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල්

අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අමතරව කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුලදී අනිවාර්යෙන්ම විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීතිරීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරාවට සිදු කෙරුණු අතර සිය මව් රටේදී මුදල් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී කැසිනෝ හල් වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබි තිබුණි.

 

මෙම ක්‍රමවේදය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර්, යූරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත පැමිණිලි ගණනාවක් ලැබි තිබුනු බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

 

ඇතැම්  විදේශිකයන් මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල රැඳී සිටිමින් ටෝකන් ක්‍රමය යටතේ දිනපතාම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බව මුදල් අමාත්‍යංශය සතු වාර්තා පෙන්වා දෙයි.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අහිමි වන ඩොලර් ඇතුළු විදේශ මුදල් මෙරටට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස කැසිනෝ ටෝකන් පත් ක්‍රමය අහෝසි කරන බව ඉහත නිලධරයා තවදුරටත් සදහන් කළේය.

 

මුදල් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නව රෙගුලාසි සම්බන්ධයෙන් ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා අමාත්‍යවරයා කෝපයට පත්ව සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් නෙරපිය යුතු බව ඔහු ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

 

WhatsApp Image 2022 07 07 at 8.29.10 AM

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොස්ටුවකි.

 

අණ පනත් පැවතියද දෙස් විදෙස් ප්‍රබල ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මෙරට පිහිටි කැසිනෝ ව්‍යාපාරවලින් දොළොස් වසරක කාලයක් තිස්සේ නිසි පරිදි විධිමත් බදු අයකර ගැනීමක් සිදුව නොමැති බව පෙරේදා (04 වැනිදා) පැවති කැබිනට් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ. මෙම කැබිනට් රැස්වීමට ධම්මික පෙරේරා සහභාගී වී නොතිබිණ.

මෙරට තුළ ක්‍රියාත්මක කැසිනෝ ව්‍යාපාරවලින් විධිමත් අයුරින් බදු අයකර ගැනීමට අපහසු වී තිබෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.

මේ අනුව 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේ වන නියෝග නිකුත් කිරීමටත් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒම සඳහාත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ  ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.


සබැඳි පුවත් :

කුලප්පුආරච්චිගේ DP ඉවත්කළ යුතුයි - අගමැති දැඩි ස්ථාවරයක !

රනිල් පන්නන BR මෙහෙයුමට DP කරගහයි !

නාලකගෙන් DP ට කනේ පාරක්!

කැසිනෝ ගේමක් ද ? - රනිල් පන්නන මෙහෙයුම DP බාරගනී !


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්