රුසියානු බොරතෙල් සඳහා ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බ

ව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඇමෙරිකාව ලබා දී ඇති සහාය පිළිබඳ දැනුම්වත් කිරීම එම හමුවේ අරමුණ විය.

ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් සමඟ රාජ තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි ඇමෙරිකා එක්සත් ජනපදය උපදෙස් ලබා නොදෙන බවත් එය ශ්‍රී ලංකා රජයේ තීරණයක් බවත් ජුලී චන්ග් පැවසුවාය.

යුක්රේන - රුසියාව යුද්ධය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇතත් එය තුන්වෙනි පාර්ශ්වයකට බල නොපාන බව ජුලී චන්ග්  ප්‍රකාශ කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදයට තම බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබෙන බව ජුලී චන්ග් පැවසුවාය.

ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇත්තේ ඇමෙරිකාව තුළ පමණක් බවත් තුන්වෙනි පාර්ශ්ව රුසියානු බොරතෙල් මිලදී ගන්නවාද නැද්ද යන තීරණය එම රටවල තීරණයක් බවත් ජුලී චන්ග් තවදුරටත් පැවසුවාය.


රුසියා තෙල් නියෝජිතයෝ දිවයිනට

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයෝ දෙදෙනෙක් අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ.

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයෝ බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණියහ.

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

(lankadeepa.lk)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්