ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශය යටතට

සමාගම් කිහිපයක් ඇතුළත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව රක්නා ආරක්ෂණ ලංකා සමාගම, සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම යන සමාගම් අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇත.

රක්නා ආරක්ෂණ ලංකා සමාගම මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති අතර අනෙක් සමාගම් දෙක නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවතිණි.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

dfgdfh

රනිල් සමග ඇති කෝන්තරයට මුල කැසිනෝ බදු ප්‍රශ්නයක්!

පොදු ජන පෙරමුණෙන් මන්ත්‍රි ධුරයක් හිමිකරගෙන පසුගියදා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ ධම්මික පෙරේරා සිය අමාත්‍ය මණ්ඩලයේ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව හදිසියේ ඊයේ (06) ප්‍රකාශ නිකුත් කිරීමට පෙලඹීම පසුපස කැසිනෝ ව්‍යපාරවලින් ගිලිහී ඇති බදු අය කර ගැනීමට අගමැතිවරයා විසින් යෝජනා කිහිපයක් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීම හේතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට ප්‍රධානතම කැසිනෝ ව්‍යාපාර ආයතනය ධම්මික පෙරේරාගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ අතර ඔහුගේ ව්‍යාපාරවල ජීවිතය ආරම්භ වන්නේ ද මෙම කැසිනෝ ව්‍යාපාරය මුල් කර ගනිමිනි.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැති වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට ඇති බලතලවලට අනුව කැසිනෝ ව්‍යාපාරයෙන් රජයට අහිමි ව ඇති රුපියල් මිලියන 2600ක පමණ බදු මුදල් අය කර ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට අගමැති සිහිනය පසුපස දුවන ධම්මික පෙරේරා ඉලක්ක කරගෙන සිදු කළ ක්‍රියාවක් බවට පොදු ජන පෙරමුණේ ප්‍රබලයන්ගේ විශ්වාසය වී තිබේ.



මුදල් අමාත්‍යවරයා ලෙස සිය යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2010 අංක 16 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමන පනතට නව රෙගුලාසි ඇතුළු කිරීමෙන් මෙම ව්‍යාපාරය නියාමනය කිරීමට සහ අහිමිව ඇති බදු අය කර ගැනීමට අදාළ නව රෙගුලාසි පැනවීමට අදාලව කැබිනට් අනුමැතිය අපෙක්ෂා කර ඇත.


sxdfgsdg


එසේම 1988 අංක 40 දරණ සූදු සහ ඔට්ටු බදු පනත ද කැසිනෝ ව්‍යාපාරවලට අදාළ වන පරිදි සංශෝධනය කිරීමට යෝජනාවක්ද අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මේ අනුව මෙම පනත යටතේ ද කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා ගත යුතු වන අතර අගමැතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ දැනට මෙම ක්ෂේත්‍රෙයන් විශාල වශයෙන් රජයට අයවිය යුතු බදු පැහැර හැරෙන අතර එය රාජ්‍ය භාණ්ඩාගාරයට එක් කිරීමේ අරමුණින් මෙම සංශෝධන කළ යුතු බවය.



මෙතෙක් කැසිනෝ ව්‍යාපාර ඔට්ටු සහ සූදු බදු පනත යටතේ ලියාපදිංචි කර නොමැති අතර මෙම සංශෝධන හරහා මෙතෙක් එම සමාගම් මඟින් අයකර ගත යුතුව පවතින රුපියල් බිලියන 2600කට අධික මුදලක් එකතු කර ගැනීමට අපේක්ෂා කරයි.



කෙසේ වුවද මේ වනවිට බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත අගමැති ධුරය සියතට ගැනීම සඳහා ක්‍රමෝපායික වැඩපිළිවෙළක් සකසමින් සිටින ධම්මික පෙරේරා අමාත්‍යවරයාගේ ව්‍යාපාර අභියෝගයට ලක්වන මෙම සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පැය 49ක් ගත වන්නට පෙර ඔහු මාධ්‍ය හමුවක් කැඳවා මුදල් අමාත්‍ය ධුරයෙන් අගමැතිවරයා ඉවත් වන ලෙසට දැනුම් දී සිටියේය.

(උපුටා ගැනීම් - lankasara.com)



සබැඳි පුවත් :

කැසිනෝ හල් ගැන අලුත් තීරණයක් ! -DP ට මල පනී !!

කුලප්පුආරච්චිගේ DP ඉවත්කළ යුතුයි - අගමැති දැඩි ස්ථාවරයක !

රනිල් පන්නන BR මෙහෙයුමට DP කරගහයි !

නාලකගෙන් DP ට කනේ පාරක්!

කැසිනෝ ගේමක් ද ? - රනිල් පන්නන මෙහෙයුම DP බාරගනී !



 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්