1200 x 80 DMirror

මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන්

යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමෙන් වැළකී සිටින ලෙස පොලිස්පති මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න අද මේ බව පැවසීය.

සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතියට පොලිසියෙන් බාධාවක් නොමැති බව ද පොලිස්පතිවරයා පවසයි.


අදාළ ප්‍රකාශය පහතින්.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම, සාමකාමීව රැස්වීමට ඇති නිදහසට ශ්‍රී ලංකා පොලීසිය සෑමවිටම ගරු කරනු ලබනවා. එමෙන්ම පුරවැසියන්ගේ එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් ගත හැකි සෑම පියවරක්ම උපරිම වශයෙන් අප ගනු ලබනවා. දිවයිනේ සෑම පොලිස් නිලධාරියෙකුටම ඒ පිළිබඳව පොලිස් මූලස්ථානය මගින් වරින් වර අඛණ්ඩව උපදෙස් ලබාදී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී අනිකුත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම අයිතිවාසිකම්වලට බාධා නොවන ආකාරයට කටයුතු කිරීමේ මූලික යුතුකමක් සෑම දෙනාටම තිබෙනවා.

ඒ වගේම රටේ පවත්නා නීතිය උල්ලංඝනය කරමින් සාමකාමී බව බිඳවැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රාජ්‍ය සහ පුද්ගලික දේපළවලට හානි කරමින් රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුවාවෙන් සිදුකරනු ලබන නීතිවිරෝධී ක්‍රියා ඉවසා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින කිසිදු පොලිස් නිලධාරියෙකුට හැකියාවක් නොමැති බව අවධාරණය කරනවා.

එබැවින් මෙම අවස්ථාවේදී සියලුම මහජන ක්‍රියාකාරීන්, දේශපාලන නායකයින් හා ආගමික නායකයින් ඇතුළු සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසයි."
 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්