ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකට ලක් වුණු බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

හිටපු අග්‍රාමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ජන හමුවකට සහභාගී වී, රැස්ව සිටි පිරිස අමතමින් කතා කරමින් සිටින අවස්ථාවේදීය. වෙඩි තැබීම කළේ පිරිස අතර සිටි අයර්ලන්ත ජාතිකයකු බවත් ආරක්ෂක නිලධාරීන් වහා ඔහු අත්අඩංගුවට ගැණුනු බවත් වාර්තා වේ.

වෙඩි ප්‍රහාරය අග්‍රාමාතවරයාගේ පපුව පසාරු කළ බවත්, සිහිසුන්ව ඇද වැටුණු ඔහුගේ හදවත නැවැතී තිබුණු බවත් වෛද්‍ය ආධාරකරුවන් ඔහුට ප්‍රථමාධාර ලබා දෙන්න වූ බවත් ජපානයේ එන්.එච්.කේ පුවත් සේවය වාර්තා කරයි.

ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ ෂෙන්සෝ අබේය. 2012 සිට 2020 සැප්තැම්බරය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට නොහැකි බව පවසමිනි.

(lankadeepa.lk- ඒ.එෆ්.පී.)
 

241E29F7 D685 47C5 9290 79D737671734kslasa



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්