අද (17) උදැසන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

ගෙන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ පසු, ලබන නොවැම්බර් මස 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබිය.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

එහිදී ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලා සිටිය අතර එම ඇප අයැදුම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය.

මෙම නඩුව ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැදි හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ විභාග කෙරිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image