ගාල්ල මාගාල්ල ලාෆ් ඉන්ධන පිරවුම්ලේ පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ (07) රාත්‍රි ඇතිවු ආරවුලකදි එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ

 තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ හබරාදුව, වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි සරසවි ශිෂ්‍යයෙකි.

පොලිසිය පැවුසවේ, දින කිහිපයක් සිට ඉන්ධන ලබාගැනීම සඳහා නතර කර සිටි මෝටර් රථයක අයිතිකරු හමුවීමට ඔහුගේ යහළුවෙකුත්, යහළුවාගේ සහෝදරයා හා බිරිඳ පැමිණ ඇති අතර එම සිව්දෙනා ම තේ පානය සඳහා හෝටලයකට ගොස් නැවත පැමිණීමේදී නතර කර තිබූ මෝටර් රථය ඉදිරිපසින් තවත් මෝටර් රථයක් නතර කර තිබීම නිසා ඒ පිළිබඳව විමසීමට යාමේදී මෙම ආරවුල හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

පහරදීම්වලින් මියගිය ගොස් ඇත්තේ, පෝලිමේ රැඳී සිටි මෝටර් රථයේ හිමිකරු හමුවීමට පැමිණ සිටි මිතුරායි.

මෝටර් රථයේ හිමිකරු හා මියගිය තරුණයාගේ සහෝදරයා ද පහරදීම්වලින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලිසිය පැවසුවේ, පහරදුන් පාර්ශවයේ අයකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

මෙම ඝාතනය සිදුව ඇත්තේ, ඉන්ධන පිරවුම් හලේ සිට මීටර් 200 කට ආසන්න දුරකිනි.




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්