පවතින තත්ත්වයට තව දින කීපයකින් විසඳුම් දෙන බව ජනාධිපතිවරයා සහතික වේ.

අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව ජනතාව වෙත දැනුම්දී සිටියි.

සියලු කටයුතු සාර්ථක වෙමින් ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් රට නැවත ආපස්සට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා එම නිවේදනයෙන් සිය කනස්සල්ල පල කර තිබේ.

මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි.

එමෙන්ම නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් යටතේ අනාගත දරු පරපුරට යහපත් රටක් උදා කරදීමට තමන්ට සහාය වීම ජනතාවගේ යුතුකමක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසුනොවන ලෙසත් බුද්ධිමත්ව හැසිරෙන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවට දැනුම් දී තිබේ.



ජනාධිපති මාධ්‍ය අංශය අද සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ලෝකයේ ධනවත්ම රටවල් පවා ආර්ථිකව බිඳ වැටී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා මැදිහත්ව ජාත්‍යාන්තරය හා කළ ගනුදෙණුවල ප්‍රතිඵල තව සති කීපයක් යනවිට රටට ලැබෙන බවය.



ජාත්‍යාන්තර මූල්‍යඅරමුදල හා සකච්ඡා සාර්ථක වී ඇති බවත්, ඉදිරි සති කීපය තුළ ණය ආධාර වැඩසහන ක්‍රියාත්මක බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

පසුගිය දින කීපය තුළ ජනාධිපතිවරයා ලෝක නායකයින්ට දුරකථනයෙන් කථා කරමින් තානාපතිවරුන් හා සාකච්ඡා කරමින් ලෝකයේ බොහෝ රටවල සහයෝගය ගන්නට කටයුතු කළ බවත් මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

 

ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වනවිට රටට ලැබෙමින් පවතින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.



එම නිවේදනය පහත දැක්වේ.

he letter

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය