ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සිය ධූර වලින් ඉල්ලා අස්විට යුතුයැයි පවසමින් රට පාලනය කිරීමේ සය වැදෑරුම් වැඩපිළිවෙලක් අරගලකරුවන් විසින් ප්‍රකාශයට පත්කර සිටියේය.

මූලික තේමාවන් හයක් යටතේ එළිදක්වා ඇති වැඩ පිළිවෙල මෙසේය.

1. ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය.

2. රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජීමය ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය.(කැබිනට් – කැබිනට් නොවන – නියෝජ්‍ය – ව්‍යාපෘති ආදී සියලු අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරු, තානාපතිවරු ඇතුළු පිරිස.)

3. ගෝඨා – රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායයන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.
ජනතා අරගලයේ නියෝජිතයන්ට එම අන්තර්කාලීන පාලනයට නෛතික බැඳීමක් හරහා බලපෑම් සහගත මැදිහත්වීමක් කළ හැකි මහජන කවුන්සිලයක් ස්ථාපිත කළ යුතුය.

3.1 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදාගැනීමට කෙටි කාලීන *හදිසි සහන වැඩපිළිවෙළක්* සකස් කිරීම.

ආහාර, ඉන්ධන, ගෑස් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, පොදු ප්‍රවාහන හා බලශක්ති ආදී පහසුකම් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.
ක්ෂුද්‍ර මූල්‍ය, ගොවි ණය කපා හැරීම.

ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම් සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කිරීම.

3.2 දැනට අත්අඩංගුවේ පසුවන සාමකාමි අරගලකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම.

3.3 ඝාතන සහ අතුරුදන් කිරීම්වලට අදාළ සියලු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළහැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

3.4 විමර්ශනයක් සහිත විගණනයක් තුළින්, රෙජීමය විසින් හොරා කන ලද මුදල් හා දේපළ නැවත රජයට පවරා ගැනීම සහ දඬුවම් කිරීම.

දේශපාලකයන් අයථා ලෙස උපයන ලද ධනය.

අධික ලාභ ලබන සමාගම් විසින් පැහැර හරින ලද බදු මුදල්.
දේශපාලන අනුග්‍රහය යටතේ සමාගම් සහ පුද්ගලයන් අයුක්ති සහගත ලෙස උපයන ලද ධනය.

3.5 දැනට පවත්නා බදු ක්‍රමය (85:15) පූර්ණ වෙනසකට ලක් කොට වක්‍ර බදු ප්‍රතිශතය අවම කිරීමත් ඍජු බදු ප්‍රතිශතය ඉහළ දැමීමත් අරමුණු කරමින් අනුක්‍රමික බදු ක්‍රමයක් යටතේ අධික ලාභ ලබන සමාගම් හා ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ බද්දක් අය කරන අයුරින් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම.

04. ගෝඨාභය බලයෙන් පහ කිරිමෙන් අනතුරුව ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තෙක්,

විධායක බලතල කප්පාදු කිරීම,

නීතිය සැමට සාධාරණ කිරීම,

ප්‍රජාතත්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ආදිය සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතුය.

05. ජනතා බලය සහතික කෙරෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කළ යුතුය.

ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් හඳුනාගැනීම.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.

සාධාරණ මැතිවරණ පැවැත්වීමට අදාළ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.
ජනතාවට වග නොකියන මහජන නියෝජිතයන් ආපසු කැඳවීමට ඇති අයිතිය තහවුරු කරන ක්‍රමවේදයක් සකස් කිරීම.

නීති සම්පාදනය , සංශෝධනය සඳහා ජනතාවට දායකත්වය දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

මානව හිමිකම්, කාන්තා හා ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා දැනට ඇති සීමාවන් ඉක්මවන වගන්ති ඇතුළත් කිරීම.

අධ්‍යාපනය, සෞඛ්‍යය සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම.

සංවර්ධනය මුවාවෙන් සිදුකළ පරිසර සංහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම හා පරිසරය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කිරීම අනිවාර්ය කිරීම.

ජාතිවාදය, ජාතික පීඩනය මුළුමනින්ම අහෝසි කර සමානාත්මතාව තහවුරු කිරීමටත් සෑම ජන කොටසකගේම ආගමික, භාෂා, ලිංගිකත්වය හා අනෙකුත් සංස්කෘතික අනන්‍යතා තහවුරු කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන නිදහස තහවුරු කිරීමටත් අදාළ මූලික නීතිමය පදනම් ශක්තිමත් කිරීම.

ජනතාවගෙන් නිශ්චිත ප්‍රතිශතයක් විසින් ඉල්ලා සිටින මොහොතක ජනමත විචාරණයක් කැඳවීමේ බලය සහතික කිරීම.

06. අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර, එලෙස ගොඩනැගෙන අන්තර් කාලීන පාලන ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවට යටත්ව නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් සම්පාදනය කිරීම සමගින් අවසන් විය යුතුය.

ඒ අනුව ඉහත 3,4 වගන්ති කඩිනම් අවශ්‍යතා ලෙස සලකා උපරිම මාස (6) හයක කාල සීමාවක් තුළ ඉටුකළ යුතුය.

තවද ඉහත 5 වගන්තිය උපරිම මාස 12ක කාලසීමාවකට යටත්ව ඉටුකළ යුතුය.
ඉහත සියල්ල ඉටු කරන තෙක් පොදුජන අරගලය නව ආකෘතීන් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

  

{gallery}Presidents House{/gallery}

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්