ජනවරම අහිමිව තනතුරේ කටයුතු කරමින් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අද දින (09) වහා ඉල්ලා අස්විය යුතු බව අරගලයේ පාර්ශ්වකාර සංවිධානයක් අවධාරණය කර සිටියි.


එම කාරණය අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත්තේ Black Cap Movement සංවිධානයයි.

එම සංවිධානයේ සම කැඳවුම්කරුවන විමුක්ති දුෂාන්ත, හේමප්‍රිය කවිරත්න සහ මාධ්‍ය ප්‍රකාශක බුද්ධි කරුණාරත්න සහ මහ ලේකම් අකලංක හෙට්ටිආරච්චි යන අයගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත්කර ඇත.


වර්තමානයේ රට මුහුණ දෙමින් තිබෙන අගාදයට රට තල්ලු කිරීමේ මහ මොලකරුවා වන වත්මන් ජනාධිපතිවරයා මේ මොහොතේ රට තව දුරටත් අරාජික සහ අස්ථාවර නොකර තම ධූරයෙන් ඉල්ලා අස්වී අන්තර්කාලීන පාලනයක් බිහි කර ගැනීමට ඉඩ දිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.


එසේම රටේ යළිත් ලේ වැගිරීම් ඇති නොවී සමාකාමී තත්ත්වයක් උදා වීමට නම් පළමුව සිදු කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමයි.

එසේම තම සංවිධානය ඇතුළු අරගලයේ නියතු සංවිධාන අති බහුතරයක් විසින් සම්මත කරගත් "ගාළුමුවදොරින් ඔබ්බට" සම්මුතියේ පළමු ඉල්ලීම වන්නේ ද ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම බව Black Cap Movement පවසයි.

ලිබියාවේ ගඩාෆිට අත්වූ ඉරණම මෙහිදී සිහිපත් කල යුතු බවත්, ජනතාව විසින් නීතිය අතට ගෙන ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට ප්‍රථම ජනාධිපතිවරයා විසින් මේ මොහොතේම ඉල්ලා අස්විය යුතු බව එම සංවිධානය වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්