අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල දී 'නිව්ස්ෆස්ට්' (සිරස)  මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අමානුෂික ප්‍රහාරයක් එල්ල වී ඇත.


එම තත්ත්වය තුළ එම නිවාස අසල මේවනවිට දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

ප්‍රදේශයේ මත්කුඩුවලට ඇබ්බැහිවූ පිරිසක් අරගලකරුවන් ලෙසින් අවස්ථා දෙකකදී අගමැතිවරයාගේ නිවසට ඇතුලට කඩා වැදුන අවස්ථාවේදී ඔවුන් පලවා හැරීමට පොලිසිය පහරදීමක් සිදුකර ඇති බවත් එම අවස්ථාවේදී ඔවුන් අතරසිටි මෙම මාධ්‍යවේදීන්ටද තුවාල සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

කෙසේවුවද 'නිව්ස්ෆස්ට්' පවසන්නේ, තම ආයතනයේ නිල ලාංජන සහිත කමිස පැළඳ කැමරා අතැතිව සිටි මාධ්‍යවේදීන්ට පහරදී ඇත්තේ ඔවුන් මධ්‍යවේදීන් බව හොඳාකාරවම දැනුවත්ව බවයි.

එහෙත් පොලිසිය පවසන්නේ රාත්‍රී කාලයේ මෙම සිද්ධිය වූ බැවින් මාධ්‍යවේදීන්ව හඳුනාගැනීමේ අපහසුතාවයක් වන්නට ඇති බවයි.

කෙසේවුවද මෙම සිද්ධිය වාර්තා වීමත් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වහාම, මෙම සිද්දියට අදාල වීඩියෝ දර්ශන වලින් අදාල පොලිස් නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව වහාම කටයුතු කර වාර්තා කරන්නැයි විශේෂ කාර්ය බලකාය බාර අණදෙන නිලධාරියාට නියෝගකර ඇතැයි වාර්තාවේ.

 

 

අගමැති කණගාටුව පළ කරයි

නිව්ස්ෆස්ට් මාධ්‍යවේදී වරුණ සම්පත්, සරසි පීරිස්, ජනිත මෙන්ඩිස් සහ ශක්ති ටී.වී. මාධ්‍යවේදී සින්දුජන් යන මාධ්‍යවේදීන් මෙලෙස පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්ව තිබේ.

තුවාල ලැබූ එම මාධ්‍යවේදීන් මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මේ අතර පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් අගමැති බලවත් කණගාටුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ බවත් ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්