ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වීමට

තීරණය කළ බව බන්දුල ගුණවර්ධන පවසයි.

 ඒ අනුව තමන් ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට තම ශක්ති ප්‍රමාණයෙන් දායක වීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියි.

“සමස්ත ලාංකේය බහුතර ජනතාවගේ සහ ආගමික නායක උතුමන්ලාගේ අපේක්ෂාව බවට පත්ව ඇත්තේ සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වන බැවින් මා මෙතෙක් දැරූ ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ පවත්නා ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට මාගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීමට අපේක්ෂා කරමි.”

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ෆේස්බුක් සටහනක් තබමිනි.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්