ජනාධිපති මන්දිරයේ අල්මාරියක තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහසක මුදලක් අරගලකරුවන් විසින් කොටුව පොලිසිය වෙත බාරදී

තිබේ.

ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළුවීමෙන් පසු විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැදී සිටියේ යැයි කියැවෙන කාමරයේ අල්මාරියේ තිබී මෙම මුදල හමුවී ඇත.

වහාම එම මුදල හා එම කාමරයේ තිබී හමුවූ ජංගම දුරකතනයක් සිසුන් සිය භාරයට ගෙන ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට ඒ මොහොතේ සිටි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේද ප්‍රනාන්දු නැමැති නිලධාරියාට භාරදීමට කටයුතු කර තිබේ.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වහාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුවත්කර ඇති අතර ඔහු පවසා ඇත්තේ  
එම මුදල හා ජංගම දුරකථනය කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ ට බාරදෙන ලෙසයි.

ඒ අනුව සාගර ලියනගේ ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි ගොස් මුදල් හමුවූ ස්ථානය වීඩියෝගතකර සිසුන් 05 දෙනෙකුගේ ප්‍රකාශද සටහන්කරගෙන මුදල් පොලිස් භාරයට ගෙන තිබේ.

අනතුරුව ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියකු කොටුව පොලිස් ස්ථානාධිපති වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් එම මුදල් හා දුරකතනය ජනාධිපතිවරයාගේ පෞද්ගලික බඩු බාහිරාදිය බව සඳහන් කර තිබේ.

පොලිසියට බාරදුන් එම මුදල, මැයි 09 වෙනිදා දේපල අලභාහනියට පත් මහජන නියෝජිතයින්ට ආධාර කිරීම සඳහා පෞද්ගලික හිතවතුන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට ලබාදී ඇති මුල්‍යාධාර වලින් කොටසක් බවද ජනාධිපති කාර්යාල නිලධාරියා සඳහන් කර තිබේ.

එම මුල්‍යාධාර වලින් කොටසක් පසුගිය දින කිහිපයේ දී ජනාධිපතිවරයා විසින් දේපල අලාභ හානියට පත් මැති ඇමතිවරුන් වෙත පරිත්‍යාගකළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.

 



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්