පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පසුගිය දා පාර්ලිමේන්තුවට පැමිණ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බාරගත් ප්‍රකට ව්‍යාපාරික ධම්මික

පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු පසුගිය 22 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා එලෙස දිවුරුම් දුන්නේ ය.

අනතුරුව ඔහු ජූනි 24 වන දා පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ඒ අනුව ඔහු දින 16ක් එම අමාත්‍ය ධූරයේ කටයුතු කළේ ය.

PHOTO 2022 07 10 13 31 47

ඉල්ලා අස්වෙන ලෙස බලපෑම්

මේ අතර ධම්මික පෙරේරාට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අරගලයට පක්ෂපාති කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කර තිබිණ.

PHOTO 2022 07 10 13 34 57

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්