theleaderlk 01

ගෑස් රැගත් නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (ජූලි 11) සන්ධ්‍යාවේදී මෙරටට පැමිණීමට නියමිත බව එහි දැක්වේ.

අද පැමිණි නෞකාව පස්වරු 3.00ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ද ජනාධිපති කාර්යාලය පැවසීය.

ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් සහිත තෙවන නෞකාව ජූලි 15 මෙරටට පැමිණෙන අතර මේ මස සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000ක් බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.

ජූලි 12 වන දා සිට ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සහ ක්‍රමානුකූලව සිදුවන අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන් මගහැරෙන බව ද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළ බව ජනාධිපති කාර්යාලය වැඩිදුරට ත් පැවසීය.

dfsdafdsaf

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

නවතම පුවත්