ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයාට ඉවත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වන වගන්තිය අනුව අගමැතිවරයාට ඉවත්විය නොහැකි අතර, එම වගන්තියේ අරමුණ රටක අස්ථාවරභාවයක් ඇති වන විට ස්ථාවරභාවක් ඇති කිරීමට බවත් ඔහු කියා සිටියි.
ඔහු මේ බව සඳහන් කළේ අද (10) මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පිළිතුරු ලබාදෙමිනි.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මෙසේ ප්‍රතිචාර දැක්විය.
මාධ්‍යවේදියා : අගමැතිවරයා ඉවත්වෙයිද පාර්ලිමේන්තුවෙන්?
පිළිතුර :
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම වගන්තියක් නැහැනේ.
මාධ්‍යවේදියා : දැන් අගමැති තුමා ඉවත්වෙන්න කැමැත්ත පලකරල තියෙනවද?
පිළිතුර :
නැහැ. අගමැතිතුමාට එහෙම ඉවත්වෙන්න බැහැනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න වෙනවා.
මාධ්‍යවේදියා : එතුමා ඉන්න ඕන කියන්නේ තවත්?
පිළිතුර :
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩාකප්පල්කරන්න කියලනෙ ඔබ යෝජනා කරන්නේ. ඒක කරන්න බැහැ.
මාධ්‍යවේදියා : දැන් එතකොට එතුමා කියලා තියෙනවනේ ඉවත්වෙන්න සූදානම් කියලා.
පිළිතුර :
නැහැ. නැහැ. මං හිතන්නේ වරදවා මාධ්‍ය වාර්තා කිරීම ගැන මම කණගාටුවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 37 වෙනි වගන්තියේ මේක ලියල තියෙන්නේ රටක අස්ථාවරභාවයක් ඇතිවෙනකොට ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා. 37.1, 37.2 ලියල තියෙන්නේ ඒ සඳහා. ඒක පකිස්තානේ භාවිතා කරල තියෙනවා. ඒක රුසියාවේ භාවිතා කරල තිබෙනවා. ශ්‍රී ලංකාවෙත් එය බාවිතා කළ යුතුයි.
රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරමින් සිටින අග්‍රාමාත්‍යවරයා, රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් හෙට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග පවසයි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.