අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්

මේවනවිට තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.


ඊට අදාල සියලු විමර්ශන මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) වෙත භාර දී තිබේ.

ගිනි ගැනීමකට ලක් වූ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අද රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් අගමැතිවරයා විසින් හෙට (11) දිනයේදී රට හමුවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යල ආරංචිමාර්ග පවසයි.

 

 

 ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම සැකයි !

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, ඊයේ (ජූලි 9) පස්වරු 6.00න් පසු කොළඹ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් සිදු කිරීමට සැලසුම් කර නොතිබුණු අතර මෙම විදුලි විසන්ධි වීම ගැටලු සහගත බව ය.


ගිනි තැබුවැයි කියන තරුණයෝ 20 තෙක් රිමාන්ඩ්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනෙකු  හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (10) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජාඇල, ගාල්ල සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 ත් 19 අතර වයසේ පසුවන තරුණයන් තිදෙනෙකි.

මෙම සිද්ධියට අදාළ සියලු විමර්ශන මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව සීසීටීවී දර්ශන සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් ගේ ප්‍රකාශ  මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට සැකකරුවන් හඳුනාගැනීමට අවශ්‍ය බැවින් ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට ලෙස කොල්ලූපිටිය පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කර සිටියේ තම සේවාදායකයින් තිදෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදිකරුවන් බව ය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 20 වැනිදා හඳුනාගැනීමේ දොරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කරමින් එදින තෙක් ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.


අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ කිහිපයක් පහත පළවේ.


  

                                     

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්