එළඹෙන 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව සම්පුර්ණයෙන් ඉවත් නොවුනහොත් පසුදින සමස්ත

වෘත්තිය සමිති එක්ව රටපුරා දැවැන්ත හර්තාලයක් අරඹන බව වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ අවධාරණය කර සිටියි.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

“මේ අස්සේ රනිල් කල්පනා කරනවා නම්, නැහැ මම ඊළඟ ජනාධිපතිවෙලා යන්නේ කියලා. අපි කියනවා රනිල්ට 13 වෙනිදා රෑ 12 වෙනකල් සිහින දකින්න ඔයා. 14 වෙනිදා වෙනකොට මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය වෘත්තීය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ලෙස සමස්ත මහා හර්තාලයක් ආරම්භ කරනවා. එදාට වරාය නවතී. එදාට රෝහල් නවතී. බැංකු නවතී. දුම්රිය නවතී. බස් ගමනාගමනය නවතී. කඩ වැහෙයි. සියලු දේ නවතිනවා උඹලා දෙන්න මේක ඇතුළේ තවදුරටත් ගේම් ගහන්න ගත්තොත්.”




ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු දේ රනිල් පහදයි


මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ, තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් නමුත් එය සිදුවිය යුත්තේ රටේ ව්‍යවස්ථානුකූල සම්ප්‍රදායට අනුව බවයි.

තමන් ඉවත් වීමට නම් නිර්මාණයවන සර්ව පාක්ෂික ආණ්ඩුව කුමක් ද, එහි අගමැතිවරයා සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර තිබේද යන්න ස්ථාවරව පෙන්වා දිය යුතු බවත් එසේ පෙන්වා දුන් පසු අගමැති ධුරයෙන් ඉවත් වන බවත් අගමැතිවරයා කියා සිටියි.

කථානායකවරයා, ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද ඉල්ලා අස්වූ අවස්ථාවක දී පමණක් බව නීති විශාරදයින්ගේ මතය වී ඇත.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාදාමය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඊයේ පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් විස්තර කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඔහු විසින් තමාගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට යොමු කළ යුතු බවත්, එම ධුරය පුරප්පාඩු වූ විට අග්‍රාමාත්‍යවරයාට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇති බවයි.

 

“අගමැතිවරයාට ජනාධිපති ලෙස ක්‍රියා කිරීමට නොහැකි නම්, කතානායකවරයාට වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරිමට හැකියි” ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය. කතානායකවරයාට ද තාවකාලික ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ මාසයක් පමණක් වන බව ඔහු සඳහන් කළේය.

 



සබැඳි පුවත් :


ජනාධිපති ඉවත් වීමෙන් පසු නීතිමය තත්ත්වය!


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්