සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයින් පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මණ්ඩලයේ පිරිසක් සමඟ අද ‍(11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

එම සාකච්ඡාවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමටයි.

නැතහොත් රටම තව තවත් අරාජික විය හැකි බව ඔවුන් සියලු දෙනාගේම අදහසවී තිබේ.

ඒ අනුව වත්මන් කැබිනට් මණ්ඩලය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තෙක් කටයුතු කරනු ඇත.

 

ආණ්ඩුවේ ජනවරම අවසන්! අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම්! - සජිත්


මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසන්නේ ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, අලුත් ආණ්ඩුව ස්ථාපිත කිරීමට සුදානම් බවත්ය.

 


කව්රු බලයට ආවත් අරගලයේ අපේක්ෂා ඉටුකළ යුතුයි - පෙරටුගාමියෝ


මේ අතර අරගලයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන්නේ ඉදිරියේදී කව්රු බලයට පැමිණිය ද අරගලයේ අපේක්ෂා අනිවාර්යෙන් ඉටුකළ යුතු බවයි.

ජන අරගලය ලබාගත් ජයග්‍රහණ සහ ඉදිරියේදී අරගලය ගමන් කළ යුතු මග සම්බන්ධයෙන් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් එබව අවධාරණය කළේය.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය