1200 x 80 DMirror

නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපති ලෙස පත් කරන්නැයි හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු

කතානායකවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.  

එම ඉල්ලීම සිදුකර ඇත්තේ, ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න, රජිත් කීර්ති තෙන්කෝන් සහ අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් විසිනි.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

 

රාජ්‍ය මර්ධනය උත්සන්නවී රටේ අවධානම් තත්වයක් මතුව තිබුණු අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිඥවරුන් අමිල හා විශ්වසනීය සේවයක් ඉටු කරන ලදී. ජන අරගලයේ රැකවල්කරුවා වූවේ ද, විටෙක මැදිහත්කරුවා වූවේ ද නීතිඥ සංගමය යි. 

 

මේ වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ සහ කණ්ඩායම් අතර, අන්තර්කාලීන ජනාධිපතිවරයෙකු පත් කිරිම පිළිබඳ එකඟතාවයක් නැත.

 එම නිසා සියළු පාර්ශවයක්ට එකඟවිය හැකි නිර්පාක්ෂික, ස්වාධීනව කටයුතු කළ සාලිය පීරිස්, අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීම සුදුසුයැයි අප මේ රටේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සහ පොදු ජනතාවට යෝජනා කරමු.

 එවිට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත හැකි පුද්ගලයෙකු/පක්ෂ සහ කණ්ඩායම්වලට අගමැතිවරයා ලෙස පත් කර ගත හැකිය.  

සැබෑ අර්ථවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර, අරගලකරුවන්ට ද එකඟවිය හැකි පොදු එකඟතා ක්‍රියාත්මක කළ හැකිය. වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරිය හෝ එයින් කොටසක් සම්පූර්ණ කිරීම කළ හැකිය.

 

සාලිය පීරිස් වැනි මධ්‍යස්ථ පුද්ගලයෙකු අරගලකරුවන්ගේ නියෝජනයක් ලෙස ආණ්ඩුවට එක් කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. එමගින් රට ස්ථාවර කළ හැකිය.  රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, ගමනාගමන වැනි දෛනික කටයුතු පවත්වාගෙන යමින් මේ මුල්‍ය අර්බුදය විසඳුම් ලබාගැනීමේ පදනම ගොඩ නගා ගත හැකිය.

 

කිසිදු අපචාර, විශමාචාර චෝදනාවක් නොමැති සාලිය පීරිස්ට මේ රටේ අති බහුතරයක් ජනතාවගේ ප්‍රමුඛ ඉල්ලීම වන දේශපාලනඥයින් හා නිලධාරීන් විසින් සොරකම් කරන ලද මුදල් නැවත මෙරටට ගෙන ඒම සඳහා හැකියාව ඇත. වංචා දුෂණ අක්‍රමිකතා සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කර, ව්‍යවස්ථානුකුලව දඩුවම් කිරීමේ හැකියාව ද ඇත.  

 එබැවින්, සාලිය පිරීස්  ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර, ඔහු අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට යෝජනා කරමු.''


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්