අග්‍රාමාත්‍ය නිල නිවාස වන අරලියගහ මන්දිරයට පසුගිය සෙනසුරාදා (09) ඇතුළු වු පිරිස්,
එහි මාධ්‍ය එකකයට හානි කර තිබෙන බවට චෝදනාවක් එල්ලවී තිබේ.
එහි තිබු කැමරා උපකරණ හා ලැප්ටොප් පරිගණක කිහිපයක් සොරා ගෙන ඇති බව පැවසේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට පැමිණිලි කර ඇත.
View the embedded image gallery online at:
https://theleader.lk/news/12434-2022-07-11-14-03-28#sigProId1af135ec86
https://theleader.lk/news/12434-2022-07-11-14-03-28#sigProId1af135ec86
අරගලකරුවන් අත්පත් කරගත් මන්දිර දැකබලා ගන්න ජන ගඟක්
කොළඹට පැමිණි දහස් ගණනක් වූ ජනතාව කඳුළු ගෑස්, අධිපීඩක ජල ප්‍රහාර හා මාර්ග බාදක බිඳ දමමින් පෙරේදා (ජූලි 09) කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයටත්, ජනාධිපති ලේකම් කාර්යාලයටත්, පසුව අරලිය ගහ මන්දිරය වෙතත් ඇතුලුවිය.
එහිදී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලිය ගහ මන්දිරයට ඇතුලු වූ විරෝධතාකරුවන් එහි වූ නාන තටාක, විසිත්ත කාමර, නිදන කාමර, භෝජනාගාර, කාය වර්ධන මධ්‍යස්ථාන ඇතුලු සියලු තැන් නරඹමින් රිසි සේ විනෝද වන අයුරු දක්නට ලැබුණි.
කෙසේවුවද ඊයේ (10) උදෑසන වන විට මෙම පොදු දේපල රැක ගනිමින් හා ඒ වෙත හානි නොකරමින් ඒවා සිත් සේ නරඹන ලෙස එහි පැමිණෙන ජනතාව වෙත දැන්වීම් පුවරු අරගලකරුවන් විසින් ප්‍රදර්ශනය කර තිබිණි.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.