පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) උදැසන ඇමරිකාව බලා

පිටත්ව යාමට නියමිත් බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පසුගිය 09 වෙනිදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා පනින අවස්ථාවේදී සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් එහි රැඳී සිටිමින් ආරක්ෂා අංශ සම්බන්ධීකරණයක් සිදුකළ බැසිල් රාජපක්ෂ, අනතුරුව එම ස්ථානයෙන් බැහැරව ගොස් ඇත්තේ සිය සොයුරාද සමගය.

අද සිය පක්ෂයේ ප්‍රධානින් කැඳවා ඇති බැසිල් රාජපක්ෂ, ඉදිරි සතියේ අලුත් ජනාධිපතිවරයා පත්කරගැනීමේ දී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද දීර්ග වශයෙන් උපදෙස් ලබාදී ඇත.

පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා පත් කිරීමේදී ජවිපෙ නායක අනුර දිසානායකට සහය පලකිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සාකච්චා කරමින් සිටි පොහොට්ටු නායකයින්. පක්ෂය වෙනුවෙන් අමාත්‍ය රමේෂ් පතිරණ ඉදිරිපත් කිරීමට අද දිනයේ  සාකච්ජා කර තිබෙන බව පැවසේ.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්