ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති පත්කර ගැනීම සම්බන්ධයෙන් සජබ පාර්ශ්වයන් හා ඩලස්

අලහප්පෙරුම පාර්ශ්ව අතර සිදුකෙරෙන සාකච්ජා අතරමැද ඇනහිටින ලකුණු පහළවී ඇත.

ඒ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට සජබ මන්ත්‍රී කණ්ඩායම විසින් ඊයේ (11) දිනයේ ගනු ලැබූ ඒකපාර්ශ්වික තීන්දුවට විරෝධය පළකරමිනි.

පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොවී සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම යන දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙස එකඟතාවකින් පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටින කණ්ඩායම් හා සමගි ජන බලවේගයේ නායකයන් අතර පසුගිය දින දෙක තුළ සාකච්ඡා වට ගණනාවක් ම සිදුව තිබිණ.

හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (10) පෙරවරුවේ රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

එසේම, මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් තලතා අතුකෝරල මන්ත්‍රීවරියගේ නුගේගොඩ පිහිටි නිවසේ එදිනම (10)  පස්වරුවේ පවත්වා ඇති අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් රැසක් ඒ සඳහා සහභාගි වී සිටියේය.

 

රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොකර මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙසත්, අනෙක් කෙනා අගමැති ලෙසත් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබේ.

 

සජබෙන් සජිත්ව යෝජනා කරයි


එසේ දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබිය දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව ඊයේ (11) තීරණය කරනු ලැබීය.

මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත්  මද්දුමබණ්ඩාර විසින් ගෙන එනු ලැබූ අතර ස්ථිර කරනු ලැබුවේ එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට(13) ඉවත් වන්නේ නම් ජනාධිපති ධුරය සඳහා සජිත් ප්‍රේමදාස නම් කෙරෙන බව සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍යවෙත පැවසිය.

එම තත්වය යටතේ ඩලස් අලහප්පෙරුම පවසන්නේ, සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන දේශපාලන මෙහෙයුමකට තමන්ට කිසිඳු ආකාරයකින් එක්විය නොහැකි බවයි.


ජනපති ‌තෝරන දින නියම වෙයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (13) දිනයේ දී ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ තීරණය කළහ.

ඒ අනුව ලබන පහළොස් වැනිදා සිකුරාදා සිට නාමයෝජනා කැදවීමටත් නාමයෝජනා කැඳවීම ලබන සතියේ අඟහරුවාදා අවසන් කිරීමටත් මේ අනුව තීරණය කර ඇත.

නාම යෝජනා අවසන් කිරීමෙන් පසු ලබන සතියේ බදාදා හා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වී ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිතය.


'මේ කිසිකෙනෙක් ජනාධිපතිකමට සුදුසු නැහැ' - කුමාර් ගුණරත්නම්


මේ අතර Truth with Chamuditha සමාජ මාධ්‍ය නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පැවසුයේ, රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කළ කිසිඳු ඇමති ඇමතිවරයකු ජනාධිපතිකමට සුදුසු නැති බවයි.

'' මැයි 09 කරා වගේ මේ අරගලයටත් බොරු කරන ලෑස්ති වෙන්න එපා'' යයි අවධාරණය කරන ගුණරත්නම්, ''මේ ව්‍යවස්ථාව පිළිගන්න බැහැ. මේක පවුලක් රකින්න හදපු නීති තියෙන්නේ' යයි ද කියා සිටියි.

අරගලය මෙහෙයවන්න පෙරටුගාමීන් ඉදිරියෙන්ම සිටි බව ඔහු එම සාකච්ජාවේදී සඳහන් කරයි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්