'කථානායක විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්' යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් සහිතව

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලියවිල්ල අසත්‍ය හා සාවද්‍ය ලියවිල්ලක් බව 'සර්වපාක්ෂික අරගලකරුවෝ' පවසයි

සමාජ මාධ්‍ය ජාලවල පළ වී ඇති නම් ලැයිස්තුව ගැන පැහැදිලි කරමින් 'සර්වපාක්ෂික අරගලකරුවෝ' මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේ සඳහන් වේ.

''ගරු කථානායකතුමා විසින් සර්වපාක්ෂික එකඟතාවක් සඳහා කැඳවීමට නියමිත අරගලකරුවන්' යන හිසින් යුතුව අරගලකරුවන් 25 දෙනෙකුගේ නම් සහිතව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලියවිල්ල අසත්‍ය හා සාවද්‍ය ලියවිල්ලකි.

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ සභාපති මංජුල සමරසේකර සහ ලේකම් සමිත් බෝධිපක්ෂ යන අයගේ නම් ද අදාළ ලැයිස්තුවේ සඳහන් වන අතර, එවැනි ලියවිල්ලක් පිළිබඳ අප සංවිධානය කිසිසේත් දැනුවත් නොවන බවත්, කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් එවැනි රැස්වීමක් සම්බන්ධයෙන් අපගෙන් කිසිදු විමසීමක් සිදු කර නොමැති බවත් අවධාරණය කරමු.

එමෙන්ම ගෝල්ෆේස් අරගල භූමිය විසින් ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ මත මෙවැනි සාකච්ඡා සඳහා එළඹීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට එළඹීම සම්බන්ධයෙන් අපගේ ස්ථාවරයන්ට එළඹෙන අතර, මෙවැනි වංචනික සහ අසත්‍ය ප්‍රකාශන සහ ලියවිලිවලට හසුනොවන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.

(උපුටා ගැනීම අවසන්)


පක්ෂ නායක - අරගලකරුවන් අතර රැස්වීම නවතී



මේ අතර පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසන්නේ, අරගලකරුවන් සමග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද කල් දමා ඇති බවයි.

අරගලකරුවන් සමග සාකච්ඡාව අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතව තිබුණ.

මේ රැස්වීම පැවැත්වීමට නියම කරගෙන තිබුණේ ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

PHOTO 2022 07 12 13 01 20
b70044ae ef0a 43fe 9df7 06af6a5a390f


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්