ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුන් වහාම
නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන්වූ පාර්ලිමේන්තු කටයුතු හෙට (13) දිනයේම ආරම්භ කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට හෙට (13) බාරදීමට නියමිතය.
එම ලිපියට ජනාධිපතිවරයා අද අත්සන් තබා විදේශගතවීමේ සුදානමකින් සිටිබව තහවුරු නොකල ආරංචිමාර්ග වලින් පැවසිණ.
ජනාධිපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දීමෙන් පසු ඔහු විසින් ඒ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙට (13) දිනයේම රටට දැනුම් දෙනු ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ පිළිබඳව දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුවෙයි. මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ලබන 15 වැනිදා සිකුරාදා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.
අභිනව ජනාධිපතිවරයකු පත්කරගැනීම සඳහා නාම යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ පසුගියදා තීරණය කළහ . ඒ අනුව කතානායකවරයා ඒ තීරණය ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දුන්නේ ඉන් අනතුරුවය.
ජනපති ඉල්ලා අස්වීමෙන් පසු මොකද වෙන්නේ?
# ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාර දිය යුතුය. එවිට ජනාධිපති ධුරය පුරප්පාඩු වෙයි.
# ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපති ලෙස පත් වෙයි.
# අග්‍රාමාත්‍යවරයාට එසේ කළ නොහැකි නම් කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වනු ඇත.
# එසේ පත්ව දින 30ක් තුළ සුදුසුකම් ඇති මන්ත්‍රීවරුන් අතුරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ, පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන රහස්‍ය ඡන්ද විමසීමකනි.
# එම ඡන්දය ජය ගැනීමට මන්ත්‍රීවරයෙකු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතයුතුයි. එහිදී ජනාධිපති ධුරයට පත්වීමට නම් අදාළ අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 225 දෙනාගෙන් ඡන්ද 113ක් ලබා ගත යුතුය.
වැඩ බලන ජනාධිපති :
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඔහු විසින් තමාගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට යොමු කළ යුතු බවත්, එම ධුරය පුරප්පාඩු වූ විට අග්‍රාමාත්‍යවරයාට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇති බවයි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.