අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇත. ඒ, වැඩබලන ජනාධිපතිවරයා ලෙසයි.



එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කලේය.

එසේම, කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි වැඩබලන ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්නා ලෙස එම නියෝගයේ සඳහන් වේ.

ආරක්ෂක මණ්ඩලය අද පෙරවරුවේ රැස්වූ අතර එහිදී රටේ වත්මන් ආරක්ෂක කටයුතු හා නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය තීන්දු තීරණ රැසක් ගෙන තිබේ.


විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස්



මේ අතර කොළඹ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මේ වනවිට පැවැත්වෙන විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අප වාර්තාකරුවන් පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ජනතාව කොළඹ මල් පාර ප්‍රදේශයේ මේ වනවිට විරෝධතාවල නිරතව සිටින බවයි.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා මේ වනවිට පොලිසිය ඇතුළු ආරක්ෂ අංශ යොදවා තිබේ.

2022.07.13.Gazette





කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය