ජනාධිපති ගෝධාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ  පත් කළ බව ජනාධිපතිවරයා

දැනුම දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන පැවසීය.

මීට ටික වෙලාවකට පෙර කථානායකවරයා මේ බව නිල වශයෙන් නිවේදනය කළ අතර එයින් පැහැදිළ වන්නේ මෙතෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් කථානායකවරයා වෙත ඉදිරිපත් කර නොමැති බවයි.

කතානායක පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 – 1 වගන්තියට අනුව පැවරී ඇති බලතල අනුව මෙම කටයුත්ත ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වෙත පවරා ඇති බවයි.

මෙම බලතල අනුව වැඩබලන ජනාධිපති, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හදිසි නීතිය සහ බස්නාහිර ප්‍රදේශයට බල පැවත්වෙන පරිදි ඇදිරි නීතිය පනවා ඇත.

292694441 468030271994841 1159522765368235986 n

 
 
ජනාධිපතිවරයා විසින් සිය ධුරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙත බලය පවරමින් අද (13) දින නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනය 
2022.07.13.Gazette

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්