1200 x 80 DMirror

ගෝඨාභය රාජපක්ෂ වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්,

ජන බලයක් නොමැති රනිල් වික්‍රමසිංහට වැඩබලන ජනාධිපති ධුරය හෝ දැරිය නොහැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් අවධාරණය කර සිටියි.

උද්ගත වී ඇති තත්වය පිලිබඳ විශේෂ මාධ්‍ය හමුවේදී  ඔහු එබව සඳහන් කළේය.

දැන් ශ්‍රී ලංකාව තුළ ජන බල කුළුණක් ක්‍රියාත්මක බවත් එම ජන බලය නොතකා කිසිවකුට දේශපාලන තීන්දු තීරණ ගත නොහැකි බවත් හෙතෙම කියා සිටියේය. 


දෙවියන් වහන්සේගේ නාමයෙන් රනිල් වහාම ඉල්ලා අස්විය යුතුයි – මෛත්‍රීපාල

මේ අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ, රනිල් වික්‍රමසිංහට වහාම ඉල්ලා අස්වනලෙස දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටින බවයි.

ජනතාව, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අතරගැටුම් ඇතිවීමේ තත්ත්වයක් ඇතිව තිබෙන්නේ, රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමෙන් පසුව බව ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් මේ තිබෙන ප්‍රශ්න විසඳා‌ ගැනීමට තිබෙන කෙටිම මාර්ගය වන්නේ, රනිල් වික්‍රමසිංහ වහාම එම තනතුරෙන් ඉවත්වීම බව මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේය.

   


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය