ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) පස්වරුවේ සිංගප්පූරුවට හෝ ඩුබායි වෙත යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එල්ලවූ මහජන විරෝධය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන සිය බිරිඳ ද කැටුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මාලදිවයින බලා පළාගියේ ය.

ජනාධිපතිවරයා මාලදිවයිනට ගිය මොහොතේ සිට ඔහුට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කර තිබිණ.

මාලදිවයින් මාධ්‍ය වාර්තා කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරටට පැමිණීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් එරට රජයට ද ජනතාව චෝදනා එල්ල කරමින් සිටින බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අරගලයට තමන්ද සහය දක්වන බව මාලදිවයිනේ අගනුවර වන මාලේ හි විරෝධතා දක්වන පිරිස් සඳහන් කරති.

 



ඩුබායි නුවරට හෝ සිංගප්පුරුවට !

ජනාධිපතිවරයා මේවනවිට ඩුබායි නුවරට යෑමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසරය ලැබෙන තෙක් බලා සිටින බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද ප්‍රින්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඩුබායි නුවර ගෝඨාභය රාජපක්ෂට අයත් දේපළ තිබෙන බව අදාළ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඩුබායි නුවරට යෑමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා අද පස්වරුවේ සිංගප්පූරුව වෙත යනු ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් ය.

ජනාධිපතිවරයා ඩුබායි නුවරට හෝ සිංගප්පුරුවට ගිය වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තාවේ.

ජනාධිපතිවරයා විසින් සිය ධුරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙත බලය පවරමින් අද (13) දින නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනය 

2022.07.13.Gazette

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්