1200 x 80 DMirror

වහා ම රට තුළ නීතිය සහ සාමය පරිපූර්ණ ලෙස ස්ථාපනය කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයාගෙන්

සහ ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර ඇත්තේ, ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ය.

සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව හා ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට වහා ම පියවර ගත යුතු බව ඔවුන් අදාළ නිවේදනය මගින් වැඩිදුරට ත් අවධාරණය කර තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

dfyty


ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ සාමය පවත්වා ගෙන යාම සඳහා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ, රජයේ සහ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙස ය.

පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවා දේශපාලන වශයෙන් ගනු ලබන තීරණ පිළිබඳ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස කතානායකවරායාගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු මෙහිදී වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.


“ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය මේ දක්වා පවතින ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන් ම අද දිනයේදී කථානායකවරයා අප වෙත පවසා සිටිනු ලැබුවා. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම අද දිනයේදී සිදු වන බවට එතුමා විසින් අපට තහවුරු කරනු ලැබුවා. එහිදී විශේෂයෙන් ම අතිගරු ජනාධිපතිතුමාගේ අස්වීමත් සමඟ ඉදිරියේදී පත්වීමට නියමිත ජනාධිපතිවරයා පත්වනතුරු කාලසීමාව තුළ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි එතුමත් එක්ක සාකච්ඡා කරනු ලැබුවා.”

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය