කොළඹ 07 මල් පාර අගමැති කාර්යාලය අසල සිදුවූ ගැටුම අතර එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයකින් තරුණයෙක් මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මහව දළදාගම පදිංචිව සිටි ඩී.එම්. ජාලිය දිසානායක නැමැති 26 හැවිරිදි තරුණ එක් දරු පියෙකි.
පොලිසිය පවසන්නේ ඔහු කඳුළු ගෑස් ආග්‍රහණය වීමෙන් සිදුවූ අසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බවය.
කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අනතුරුව රෝගී වූ තරුණයා පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
ඔහු අද (13) දහවල් පිරිසක් සමගින් ගෝල්පේස් අරගල භූමියට ගිය බව මිය ගිය තරුණයාගේ දෙමව්පියෝ පවසති. මිය ගිය තරුණයාගේ පියා මහව ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.