සියලුම පක්ෂ නායකයින් ජූලි 09 වනදා ඔවුන් එකඟ වූ පරිදි කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
ඒ අනුව වහාම නව ජනපතිවරයෙක් පත්කර අනතුරුව නව අගමැතිවරයෙක්ව එකඟවූ පරිදි පත්කරගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
එය කල්දැමීම තුළින් දැනට මතුව ඇති තත්ත්වය තවත් ව්‍යාකූල වියහැකි බව ඔහු කීය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අලහප්පෙරුම පවසන්නේ, එවිට ශ්‍රී ලංකාව "නීතියක් නැති අරාජික රටක්" වීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකිවනු ඇති බවය.
ජුලි 20 වනදා පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිත ජනාධිපති තෝරාගැනීමේ ඡන්දයේ අපේක්ෂකයකු ලෙස ඩලස් අලහප්පෙරුම ද නාමයෝජනා බාරදීමට නියමිතය.
‘‘අගමැති කෙනෙක් නම් කරන්න‘‘ - රනිල් කියයි
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යපා අබේවර්ධනට ඊයේ (13) පස්වරුවේ දී දැනුම් දී ඇත.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර ද දැනුම් දී තිබිණ.
එමෙන්ම කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඉකුත් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවක දී ද අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බවයි.
වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කතානායකවරයා වෙත ඉහත දැනුම්දීම කර ඇත්තේ ඒ අනුව බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුලි 09 දා ද පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබිණ.