කොළඹට අමතරව පිට පළාත්වලට අද දිනයේදී ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසයි.



පිට පළාත් සඳහා ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසිය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයට අද ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීමට සුදානම් බවයි. ඊට පොලිසියේ සහයද ලබා ගැනීමට නියමිත ය.

එමෙන්ම අද දිනයේ අලෙවි නියෝජිතයන් වෙත ද ගෑස් සිලින්ඩර් යොමු කරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කරයි.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් වෙත ඉන්ධන පැමිණෙන දිනයක් පිළිබද නිශ්චිත තොරතුරු අනාවරණ නොවන පසුබිමක ලංකා අයි.ඕ.සි  පිරවුම්හල් අසල පවතින පෝලීම් තවදුරටත් දිගු වී තිබේ.

ඩීසල් රැගත් නෞකාවක් ලබන 15 ත්, 17 ත් අතර දිනවලදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇතත් පවතින ව්‍යාකුලත්වය හමුවේ ඊට අදාල කටයුතු මේවනවිට ඇනහිට ඇතැයි වාර්තාවේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්