1200 x 80 DMirror

විදේශ හමුදාවන්ට මෙරටට පැමිණීමේ අවස්ථාවක් උදාවෙමින් තිබෙන බව 'ස්වාධීන පක්ෂ එකමුතුව' ශ්‍රී ලංකාවාසී ජනතාව වෙත අනතුරු අඟවා සිටියි.



ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත් කිරීමෙන් විදේශ හමුදාවන්ට මෙරටට පැමිණීමට දොරටු විවෘත විය හැකි බැවින් ලංකාව දකුණු ආසියාවේ ලිබියාව බවට පත් නොකිරීමට අත්වැල් බැඳ ගන්නා මෙන් සමස්ත ජාතියට ආයාචනා කරන බව එම එකමුතුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

වහාම ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ස්වාධීන පක්ෂ එකමුතුව ඊයේ (13) රාත්‍රියේ නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

PHOTO 2022 07 14 11 40 24

ඇමරිකාවෙන් පණිවිඩයක්



මේ අතර ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් අවධාරණය කර ඇත්තේ, වහාම නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙසයි.

සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව ද තානාපතිනිය පවසයි.

දිගු කාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස තානාපතිනිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

වගවීම, විනිවිධභාවය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් හෙට දවසක් සඳහා වන ජනතා ඉල්ලීම් සාක්ෂාත් කර ගත හැක්කේ, ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය රාමුව තුළ සාමකාමී බල හුවමාරුවකින් පමණක් බව ද ජූලි චන්ග් අවධාරණය කර සිටී.

PHOTO 2022 07 14 11 44 24

ලංකාවේ අර්බුද ගැන යුක්රේනයෙන් රුසියාවට දොස් !


ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුක්රේනය රුසියාවට දොස් නගා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසා ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ලොව පුරා රටවල් රැසකට බලපැම් එල්ල කර ඇති බව හා ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයට ද එය එක් හේතුවක් බවයි.

යුක්රේන ආක්‍රමණය හමුවේ ලොව පුරා ආහාර අර්බුදයක් නිර්මාණය වූ බවත් එය රටවල් රැසක නොසන්සුන්තාවලට බලපා ඇති බවත් යුක්රේනය චෝදනා කරයි.

යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව භාවිතා කර ඇති එක් උපක්‍රමයක් වන්නේ “ආර්ථික කම්පනයක්” ඇති කිරීම බවට යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය තවදුරටත් කියා සිටියි.

පවතින අර්බුදය සහ සැපයුම් දාමයේ කඩාකප්පල් වීම හේතුවෙන් රටවල් රැසක් ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති අතර, ශ්‍රී ලංකාවට ද එහි බලපෑම් එල්ල වී ඇති බවත් එය රුසියාවේ න්‍යාය පත්‍රයේ ප්‍රතිපලයක් බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කර තිබේ.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

 

 
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය