theleaderlk 01

වහාම අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සිදුකර දැනුම්දීමට අනුව අග්‍රාමාත්‍ය ධුර බාර ගැනීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුදානම් බව සජබ ප්‍රකාශකයකු පැවසිය.

ඒ සම්බන්ධයෙන් මේවනවිට අනෙකුත් විපක්ෂයේ හා ස්වාධින මන්ත්‍රී කණ්ඩායම් සමග හදිසි සාකච්ජා වටයක් ආරම්භ වී ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යපා අබේවර්ධනට ඊයේ (13) පස්වරුවේ දී දැනුම් දී තිබිණ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර ද දැනුම් දී තිබිණ.

එමෙන්ම කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඉකුත් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවක දී ද අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බවයි.වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කතානායකවරයා වෙත  ඉහත දැනුම්දීම කර ඇත්තේ ඒ අනුව බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුලි 09 දා ද පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබිණ.



''අපේ සහය රටේ සාමය හා නීතිය ස්ථාපිත කළහැකි අයකුට පමණයි'' - 'ස්වාධීන පක්ෂ එකමුතුව'


ජුලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීමේදී තම කණ්ඩායමේ සහය ලබාදෙන්නේ කාටදැයි මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව 'ස්වාධීන පක්ෂ එකමුතුව' ප්‍රකාශකයකු පැවසිය.


කෙසේවුවද රට මුහුණදී සිටින බරපතල ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වහාම නීතිය හා සාමය ස්ථාපිත කර යළි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට හැකියාවක් හා වැඩපිළිවෙලක් ඇති අපේක්ෂකයකුට තම එකමුතුවේ සහය ලබාදෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.



පක්ෂ 11කින් සමන්විත 'ස්වාධීන පක්ෂ එකමුතුව' තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නියෝජනය කරයි.


ඩලස් අසනීප තත්වයෙන්


ජුලි 20 ජනාධිපති අපේක්ෂක සටනට ඉදිරිපත්වීමට නියමිත ඩලස් අලහප්පෙරුම මේවන වෛරස් උණ වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. වෛද්‍ය උපදෙස් මත ඔහු මේවනවිට සිය ජංගම දුරකථනය පවා විසඳි කර ඇත.  

ඔහුගේ පවුලේ සියලුදෙනාට ම මෙම වෛරස් උණ අසාධනය වී ඇත.

කෙසේවුවද තම කිසිවිටෙක සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීම සඳහා කිසිඳු අකාරයකින් දායක නොවන බව අවධාරණය කර තිබේ.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

 

 
 
 

නවතම පුවත්