ජනාධිපතිවරයා මේවනවිට මාලදිවයිනෙන් සිංගප්පුරුව බලා පිටත්ව ඇත.



ඔහු සිංගප්පුරුවට පා තැබූ මොහොතේම සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

එම ලිපිය ලැබුන වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිව්රුම්දීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.

 

මේවනවිට සේනාධිනායකයාගේ අණ ලැබෙන තෙක් ත්‍රීවිධ හමුදාවේ සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි. ඒ අනුව අරගලකරුවන් විසින් අත්පත්කරගනු ලැබූ සියලු රජයේ ගොඩනැගිලි නිදහස් කර ගැනීමේ මෙහෙයුම් වහාම ආරම්භ වීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ.

 

මෙවවිට ඇඳිරි නිතිය ප්‍රකාශයට පත්කර ඇත්තේ එම මෙහෙයුමේ පුර්ව සුදානමක් ලෙස බව පැවසේ.

මෙම අවිනිශ්චිත තත්ත්වය සැලවීමත් සමග අරගලකරුවන් ඔවුන් විසින් අත්පත්කර ගනු ලැබූ ගොඩනැගිලිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ අතර රජයේ ආරංචිමාර්ග පවසන්නේ රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කරලීම සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් අති බහුතරයකගේ සහය වැඩබලන ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවයි.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු මාර්ගය අවහිර කරමින්, හමුදා සෙබළුන්ට හා පොලිස් නිලධාරීන්ට පහරදීම හා T 56 ගිනි අවියක් පැහැරගැනීමේ සිද්ධිය ආරක්ෂක අංශවල බලවත් නොසන්සුන්තාවට හේතුවී ඇතැයි පැවසේ.

ඇතැම් කැරලිකරුවන් පවසන්නේ මෙම සිද්ධිය අරගලය විනාශකර දැමීමට ඇතැම් දේශපාලනඥයින් හා ජාත්‍යන්තර සංවිධාන මත යැපෙන කිහිප දෙනෙකු සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක් විය හැකි බවයි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්