අරගලකරුවන්ට වෙඩි තබා මර්ධනය කිරීමට හමුදාව හා පොලිසිය රජයේ දේශපාලන බලධාරීන්ගෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා

කර තිබේ.

කතානායකවරයා විසින් ඊයේ (13) පස්වරුවේ කැඳවන ලද පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුව පාර්ශවයෙන් සහභාගී වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,  අරගලය මර්දනය කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ‘වෙඩි තැබීමේ’ අවසරය අවශ්‍ය බවත් අවධාරණය කර ඇතැයි ද ඇතැම් සමාජ මාධ්‍ය කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අමාත්‍ය ටිරාන් අලස් පැවසුයේ, තමා එවැනි ආකාරයේ කිසිඳු ඉල්ලීමක් සිදු නොකළ බවයි. ඒ සම්බන්ධයෙන් තමාගේ නම සඳහන් කරමින් පලවී ඇති වාර්තා කිසිඳු පදනමකින් තොරබවත්ය. එම පුවත් වාර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මෙම පක්ෂ නායක රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග ත්‍රීවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ද සහභාගී වී තිබිණ. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එහිදී රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව දීර්ඝ කරුණු පැහැදිලිකර ඇත.

 

අරගලකරුවන්ට වෙඩි තබා මර්ධනය කිරීමට හමුදාව, පොලිසිය හෝ අමාත්‍ය ටිරාන් අලස් පක්ෂ නායකයින්ගේ අනුමැතිය ඉල්ලා ඇතැයි පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව කතානායක කාර්යාලයේ ප්‍රකාශකයකු ද අප කළ විමසීමකදී කියා සිටියේය.

 

ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට හමුදාපතිවරුන්ට පක්ෂ නායකයින්ගේ අනුමැතිය ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.


ඊයේ පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයේ ද සඳහන් වන්නේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රීවිධ හමුදාපතිවරුන් හා පොලිපතිවරයා වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කළ බවයි.

mahindayapa 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්