1200 x 80 DMirror

වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දහවල් දිව්රුම්දීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග පවසයි.



ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද උදැසන නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.

කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මේ බව කීය.

නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට (16) පාර්ලිමේන්තුව රැස්වන බව ද කතානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම සඳහා, රැස්වීමට සාමකාමී වාතාවරණයක් උදා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

දින හතක් වැනි කෙටි කාලයක් තුළදී සියලු වගකිව යුත්තන්ගෙන් සහභාගීත්වයෙන් නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාදාමය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා සඳහන් කළේය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය