1200 x 80 DMirror

 
 

ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ජුලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්දය සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත්

නොවන්නේ නම්, තමා ඉදිරිපත්වන බව එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා අතර ඊයේ (14) පැයකට වැඩි කාලයක් තිස්සේ පැවති සාකච්ජාව නිමාවී ඇත්තේ කිසිඳු එකඟතාවයකින් තොරව බව වාර්තාවේ.

ජනාධිපති සටනට සිය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පසුගියදා ඒකමතික තීන්දුවක් ගනු ලැබුවේ සරත් ෆොන්සේකාගේ ද යෝජනා ස්ථිරත්වයෙන් යුතුවය.

 

කෙසේවුවද පසුගිය දින දෙකෙහි සජබ නියෝජිතයින් හා ස්වාධින මන්ත්‍රී කණ්ඩායම් අතර පැවති සාකච්ජාවලදී රනිල් වික්‍රමසිංහට එරෙහි පොදු අපේක්ෂකයා ලෙස ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇතැයි සැලවිමත් සමග ෆොන්සේකා ජනාධිපති සටනට ඉදිරිපත් වීමට උත්සහ දරමින් සිටියි.

 

දින 7ක් තුළ අලුත් ජනාධිපති තෝරා පත් කර ගන්නේ මෙහෙමයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (ජූලි 14) දින සිට සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (ජූලි 15) නිල වශ‍යෙන් ප්‍රකාශයට පත් කළේ ය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගන්නා තෙක් එම තනතුරේ කාර්ය සහ වගකීම් ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බව ඔහු පැවසීය.

කතානායකවරයා ප්‍රකාශ කළේ, නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම තමන් පක්ෂ නායක රැස්වීමේදී සියලු පක්ෂ නායකයින් දැනුවත් කළ ආකාරයට, 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව සිදු කරන බව ය.

එම ක්‍රියාදාමය ඉතා ඉක්මනින් ම සාර්ථකව අවසන් කිරීම තම අරමුණ බවත් එය උපරිම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ විනිවිදභාවයකින් සිදු කරන බවත් ඔහු අවධාරණය කළේ ය.

ඊට උපරිම සහය ලබා දෙන ලෙස ඔහු සියලු පක්ෂ නායකයින්ගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

 

එමෙන් ම, නිසි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම මන්ත්‍රීවරුන් හට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම සඳහා සහභාගි වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදාකර දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

 

ඔහු ප්‍රකාශ කළේ, එවැනි සාමකාමී වාතාවරණයක් තුළ සියලු වගකිව යුත්තන්ගේ සහභාගිත්වයෙන් දින 7ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ක්‍රියාදාමය අවසාන කිරීමට බලාපොරොත්තු වන බව ය.

ඒ අනුව, හෙට (ජූලි 16) පාර්ලිමේන්තුව රැස්වන බවත් සියලු ම මන්ත්‍රීවරුන්ට සහභාගි වන ලෙසත් කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා