ආචාර්ය හර්ෂ ද සිල්වා අගමැති ධුරයට පත් කරන්නැයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඔහුට හිතවත් මැති ඇමති පිරිසක් විසින් ඉල්ලීමක් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග පවසයි.
හර්ෂ ද සිල්වාට අරගල බිමේ තරුණ ප්‍රජාවගේ ආකර්ශනයක් ඇති බවත්, මධ්‍යම පන්තික ප්‍රජාව තුළ ඔහු කෙරෙහි විශ්වාසයක් ඇති බවත් එම මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පෙන්වා දී ඇතැයි ද පැවසේ. අග්‍රාමාත්‍යවරයා මෙහිදී යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.
අමාත්‍ය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද මිට දින කිහිපයකට පෙර මෙවැනි ඉල්ලීමක් කර තිබුබව තහවුරු නොකළ ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මිට ස්වල්ප මොහොතකට පෙර කොල්ලුපිටියේ වාලුකාරාමයේදී වැඩබල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරිපිටදීය.
රනිල් වික්‍රමසිංහ මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලැබුවේ ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව ය.
පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් ලබන විසි වැනිදා නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත ය.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,