ජනාධිපති සහ අග්‍රාමාත්‍ය තනතුරට කළින් ගත් තීරණයට අනුව සමඟි ජන බලවේගය ඉදිරිපත්වීමට

තීරණය කළ බවත් නාමයෝජනා ලබන සඳුදා භාරදෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද (15) පස්වරුවේ පැවසීය.

නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී ජනාධිපති ධූරයට සහ අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් වන මන්ත්‍රීවරු හෙළි කරන බව කී කරුණාතිලක විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කර යම් සම්මුතියකට පැමිණීමට අවශ්‍ය කටයුතු සැකසීමට ද ක්‍රියාත්මක වෙමින් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.  

අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා අවශ්‍ය වන්නාවූ ඉදිරි කටයුතු පිළිබඳව සමගි ජන බලවේගයේත්, සමඟි ජන සන්ධානයේත් පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ 7 පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී අද (15) පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක එසේ පැවසීය.

{gallery}SJB-2022{/gallery}

 

 

 ජනපති ධූරයට තරග කරන අයගේ නම් මෙන්න

මේ වනවිට පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධූරයට සුදුසු පුද්ගලයෙකු තෝරා පත්කර ගැනීම සඳහා නම් කිහිපයක් ඉදිරිපත්වී තිබෙන බව දේශපාලනඥයින් පවසයි.

එළඹෙන 20 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට තමන් ද තරග කරන බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අද (15) නිවේදනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ජනාධිපති ධුරය පුරප්පාඩු වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්විය යුතු අතර, හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව රැස්වන්නේ ඒ අනුවය.

ජූලි 19 වන අඟහරුවාදා නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාමයෝජනා කැඳවීමට නියමිතය.



විපක්ෂයේ පක්ෂ රැසක සහාය ඩලස් ට :

විපක්ෂයේ පක්ෂ රැසක සහාය මේ වනවිට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට හිමිව ඇති බවය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මීළඟ ජනාධිපතිවරා තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

නමුත් අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ලෙස ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පක්ෂයේ මතයට විරුද්ධව කටයුතු කර තිබීම හේතුවෙන් ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ පූර්ණ සහයෝගය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

කෙසේවෙතත් එවැනි තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මාධ්‍යවෙත සඳහන් කළේය.



සජිත්ගේ ස්ථාවරය රාජිත කියයි :

මේ අතර සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ ජනාධිපති ධූරය හෝ අගමැති ධූරය යන ධූර දෙකෙන් ඕනෑම ධූරයකට පත්වීමට තමන් සූදානම් බවය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඒ බව මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

ජනාධිපති ධූරයට තරග කිරීමට නම් කියවෙන පිරිස ගැන අද මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීරමෙලෙස සඳහන් කළේය.

"අපේක්ෂකයෝ කිහිප දෙනෙකුගේ නම් කියවෙනවා. වැඩබලන ජනාධිපතිතුමා ඉල්ලනවා කියනවා. සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම. සරත් ෆොන්සේකා මහතාගෙත් අදහසක් තිබෙන බව දැනෙනවා. චම්පික රණවක මහතාගේ කතා ස්වරූපය අනුව යම් ඉල්ලීමක් තිබෙන බව පේනවා. අනුර කුමාර මහතාත් ඉදිරිපත් වෙයි වගේ කියනවා."

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්