වහාම දේශපාලන ස්ථාවරත්වය ඇති නොකළහොත් රට වසා දැමීමට සිදුවන බව

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කර සිටියි.

රට දේශපාලන වශයෙන් ස්ථාවර නොවන තෙක් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි බව ඔහු පවසයි.

'බීබීසී නිවුස් ලයින්' වැඩසටහනට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, රට දේශපාලනමය වශයෙන් ස්ථාවර කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ පැහැර හැරිය නොහැකි වගකීමක් වන බවයි.

පවතින බැරූරුම් තත්ත්වය හමුවේ ඔවුන් යම් සම්මුතියකට එළඹීමට අපොහොසත් වන්නේ නම් නුදුරේදී රට වසා දැමීමේ තත්ත්වයක් පවා උද්ගතවිය හැකි බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



ශ්‍රී ලංකාව ගැන IMF ස්ථාවරය දන්වයි

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් පවසන්නේ, ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමග සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමග සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා යළි ඇරඹීම වෙනුවෙන් වත්මන් තත්ත්වයේ සමනයවීමක් බලාපොරොත්තු වන බවය.

එසේම ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය සහාය දක්වනු ඇති බවට තමන්ට විශ්වාසයක් ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසා තිබේ.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දුනීසියාවේ බාලිහීදී  G20 රටවල මුදල් අමාත්‍යවරු සහ මහබැංකු අධිපතිවරු අතර පැවති හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

 
 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්