සිරගතව සිටින රන්ජන් රාමනායක නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට උපදෙස් දී ඇත.


මෙහිදී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ, අදාළ ලිපි ලේඛන සකස් කොට නීතිපතිවරයාට සහ අගවිනිසුරුවරයාට බාර දෙන ලෙසයි.

ඒ අනුව, රන්ජන් රාමනායකට නිදහස ලබාදීම පිණිස කරුණු සලකා බැලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හට අදාල වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස නියෝග  කොට ඇත.

ඒ අනුව ඉතා කඩිනමින් රන්ජන් රාමනායකට නිදහස ලැබෙනු ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

 

wijayadasa 2022

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්