ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක් කර ඉතිහාසයේ පළමු සම්මුතිවාදී රජය

ගොඩනංවා ඉතිහාසය වෙළාගත් වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ ප්‍රමුඛ අරමුණ පෙරදැරිව ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු එබව පවසා ඇත්තේ, අද (16) ට්විටර් පණිවිඩයක් නිකුත්කරමිනි.

ssssssssss

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඊයේ (15) මාධ්‍යවෙත නිවේදනයක් නිකුත්කර සුළු මොහොතකට පසු පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මාධ්‍යය වෙත ප්‍රකාශකර සිටියේ, ජනාධිපති තරඟයට ඉදිරිපත්වන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය පක්ෂයේ සහය පලකරන බවයි.

එහෙත් එම ප්‍රකාශය අත්තනෝමතික එකක් බව පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රිවරු පැවසූහ.  


රනිල්ට සහය දෙන තීරණය ගත් හැටි අසමින් පොහොට්ටු ලේකම්ට, සභාපතිගෙන් ලිපියක්

පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල් පීරිස් ලිඛිතව දැන්වූයේ මහලේකම් කාරියවසම් මෙවැනි ප්‍රකාශයක් කළේ කවර පදනමකින් ද යන්න පැහැදිලි කරන ලෙසයි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ජන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවට පක්ෂ ලේකම්වරයා කළ ප්‍රකාශය දැක තමන් විමතියට පත් වූ බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී.එල්.පීරිස් එම ලිපියේ සඳහන් කර ඇත.

එවැනි තීරණයක් ගනු ලැබුවේ කුමන අධිකාරිය යටතේද, එම තීරණය ගැනීම සඳහා සහභාගී වූ පුද්ගලයින්ගේ නම් මොනවාද?, එම පුද්ගලයින් තෝරාගත් පදනම සහ අදාල තීරණයට එළඹුණු රැස්වීම පැවති ස්ථානය, දිනය සහ වේලාව හෙලි කරන ලෙසයි මහාචාර්ය ජී එල් පීරිස් යොමු කළ ලිපියේ දැක්වේ.

එමෙන්ම අදාල රැස්වීම කැඳවීම සම්බන්ධයෙන් දැනුම්දීම් කළ විස්තර සහ පක්ෂ ව්‍යාවස්ථාවේ විධිවිධාන අනුව මෙම තීරණය ගෙන ඇත්තේ කුමන පදනමකින්ද යන්න පිළිබඳ ඉක්මන් පිළිතුරක් ලබා දෙන ලෙසද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වෙත එම පක්ෂයේ සභාපතිවරයා යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්තද ඒ සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

 

 

   


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්